IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අන්තරේ කැඳවුම්කරුට ඇප

නිමන්ති රණසිංහ
 
 
 
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු මහිල් බණ්ඩාර දෙහිදෙණිය ඇප මත මුදා හැරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා සිල්වා මහත්මිය අද (18) නියෝග කළාය.
 
ඔහු රුපියල් 150,000 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරිය නියම කළාය.
 
ඉකුත් 13 වැනි දා පාර්ලිමේන්තු වටරවුම අසල පැවැති උද්ඝෝෂණයකදී අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට ගැණිනි.
 
මෙම නඩුව මැයි මස 16 වැනි දා දක්වා කල් තැබිණි.



අදහස් (5)

අන්තරේ කැඳවුම්කරුට ඇප

Raveendra Monday, 18 March 2019 11:49 AM

උගත්, බුද්ධිමත්, අහිංසක මේ දරුවාගේ විශ්වවිද්‍යාල තුල මෙතෙක් පැවති විභාග වල ප්‍රතිපල බදු මුදල් නිසි කලට රජයට ගෙවන පුරවැසියන් වන අප දැනගැනීමට කැමැත්තෙමු. කරුණාකර අදාළ විශ්වවිද්‍යාල බලධාරින් මෙම තිරුවේම මේ අහිංසක දරුවාගේ සියලුම ප්‍රතිපල සදහන් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු. එසේ ඔබලා විසින් ප්‍රතිපල පල නොකරන්නේනම් අප තරයේ විස්වාස කරනවා මේ අහිංසකයා රතු හැට්ටකරයන්ගේ පබයෙක් නොහොත් කුඩුකාරයෙක් නොහොත් රස්තියාදුකාරයෙක් ලෙස.

:       150       125

Sanath KandyTuesday, 19 March 2019 04:27 AM

තමුන්ට ලංකාවේ විශ්වවිද්‍යාලයකට යන්න තරම් සුදුසුකම් ලබාගන්න බැරි උන නිසාද රවින්ද්‍ර මේ තරම් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට වෛර කරන්නේ. අපිටනම් ඔවුන් නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට අරගල කරන විරුවෝ.

:       0       0

RaveendraTuesday, 19 March 2019 12:18 PM

Sanath Kandy මයා වෙත, ඔබගේ අදහස් වලට ගරු කරන්නෙමු. ඔබ අප පිළිබඳව නිසිලෙස නොදැන සිටීම පිළිබඳව අපගේ කිසිඳු අමනාපයක් නොමැත. අප පිළිබඳව අප විසින් කියාපෑම කිසිසේත් නුසුදුසු යන වැදගත් ඔවදනට ගරු කරමින් අපගේ තොරතුරු සැපයීමෙන් වැළකෙන්නෙමු. අමතක නොකරන්න මේ ඔබේ, මගේ, අපේ අනාගත පරපුර මෙසේ එක එකාගේ අතකොලුවීම හා එකෙකාගේ පඹයන් සේ හැසිරීම අප නම් කිසිවිට අනුමත නොකරන්නෙමු. සිසුන් පමණක් නොව වැඩිහිටි අපද අසාධාරණයට විරුද්ධව සටන් කළයුතුය. නමුත් මේ දරුවන් නටන්නේ බංකොලොත් කසිප්පු කාරයන්ගේ පදයට නොවේද යන්න තේරුම් ගැනීමට තරම් ඥානයක් ඔබලාට තිබේද යන්න අප විසින් සඳහන් කරනවාට වඩා ඔබලා විසින්ම තීරණය කිරීම වඩාත් වැදගත් වන්නේය...

:       0       0

Don Monday, 18 March 2019 03:53 PM

පරණ අන්තරේ - කැඳවුම්කරු දැන් ලොක්කෙක්. මේ අය අනිත් දරුවෝ විරෝධතා පෙළපාලි එක්ක ගිහින්... ඒ අයගේ අධ්‍යාපනය කාබාසිනියා කරලා දේශපාලන වේදිකාවලට නැගලා අන්තිමට රස්තියාදුකාරයෝ වෙනවා.

:       66       62

RaveendraMonday, 18 March 2019 05:16 PM

සහතික ඇත්ත මෙය තමයි යතාර්ථය. නමුත් අවාසනාවකට මේ උගත් බුද්ධිමත් යයි කියන මේ දරුවන් කොහෙවත් යන රතු කාරයොන්ට රැවටිලා ජිවිතේ ලස්සනම කාලේ නිරපරාදේ නාස්තිකර ගන්නවා නොවේද ??

:       63       103

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site