(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
රටපුරා පසුගිය වසර දහයේදී සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් විසි හත් දහසකගේ (27,000) ජීවිත අහිමිවී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියාර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවසීය.
මේ වසරේ මේ දක්වා සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයන් 1948 දෙනකුගේ ජීවිත අහිමිවී ඇතැයිද ඔහු සඳහන් කළේය.
වීරසේකර මහතා මෙසේ පැවසුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා පැවති මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදීය.
මාර්ග විනය සම්බන්ධයෙන් රියදුරන්ට විශේෂ පුහුණුවක් ලබාදීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව පැවසූ මහජන ආරක්ෂක ඇමතිවරයා දඩගෙවීමේ ක්‍රමවේදයේ පවතින දුර්වලතා මගහරවා ගැනීමට ක්ෂණික දඩ මුදල් ගෙවීමේ ක්‍රමයක් හා රියදුරු කුසලතා ලකුණු ක්‍රමයක් නුදුරේදීම හදුන්වා දෙන බවත් ප්‍රකාශ කළේය .
මෙහිදී අදහස් දැක්වූ වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත සහ ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසූවේ මාර්ග විනය සම්බන්ධයෙන් රියදුරන් දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන් සැලසුම්කර ඇති බවයි.
කොවිඩ් තත්ත්වය නිසා ඒ වැඩපිළිවෙළ ප්‍රමාද වූ බව පැවසූ අමුණුගම මහතා පළමු පියවර ලෙස අන්තර් පළාත් බස් රථ රියදුරන්ට දෙසතියක පුහුණුවක් ලබා දීමේ වැඩපිළිවෙල ඉදිරියේදී ආරම්භකරන බවද සඳහන් කළේය.
COMMENTS
ඇත්තටම සමහරක් අය රියදුරු බලපත්‍ර අරගෙන තියෙන්නෙ විභාගයට ප්‍රශ්න පත්‍රයේ උත්තර තමන්ගෙ කමිසයේ වාටියේ ලියාගෙන ගිහිල්ලා එවැනි අයට මොන නීතියක්ද තවද සමහරක් වාහන පොලිස් නිළධාරින් වැරැද්ද කර ඇත්තේ තමන්ගෙ හිතවත් අයෙක් නම් වැරැද්ද කොහේ සිදුවුණත් ඇමතුමක් දීලා තමන්ගෙ එකා බේරගන්න උනන්දුවක් තියෙනවා නිවැරදි කෙනා අමාරුවෙ දානවා (දුම්රිය මැදිරි ඇමතිවරයා ඉන්නවා එන්ජිමේ ඇමති කවුද දුම්රිය මාර්ග ඇමති කවුද නොදන්නා නිසා ඇහුවෙ දන්න කෙනෙක් කියන්න )
ඒ කියන්නේ දිනකට 7 දෙනෙක් පමණ මාර්ග අනතුරුවලින් පහුගිය වසර 10 පුරාවටම මියගිහින් තියෙනවා.
දේශපාලන හිතවත්කම් ලැබෙන සමහර බස් රියදුරන් මාර්ග නීති තඹේකට මායිම් නොකර බස් රථය පාරේ දෙපැත්තම අල්ලගෙන ගමන්කරනවා දැක තිබෙනවා. මේ වගේ ආත්මාර්ථකාමීන්ට දෙන දඩුවම් තියෙනවද? අනතුරක් වුනොත් බස් මගියත් ඉවරයි. පාරෙ ගමන්කරන මගියත් ඉවරයි. පාරේ යන අනිත් වාහනවලට දෙයියන්ගෙම පිහිටයි.
මොන පිස්සු වැඩද මේ. පුහුණු දීල අනතුරු නවත්තන්න බෑ. අනතුරු කරන්නෙ රියදුරන්ගෙ තියෙන කුපාඩි කම නිසා. එහෙම නැතුව සාක්ෂර තාවය නැති නිසා නෙවෙයි. බස් කාරයෝ උඩින් යන කොට, ත්‍රී වීල් කාරයො පාර පුරා යන කොට පොලිසිය අහක බලා ගන්නවා. පුහුණුව දෙන්න ඕනෙ පොලිසියට
දැඩි දඬුවම් සහ වන්දි ,දේපොළ රාජ සන්තක කිරීම් වගේ වගන්ති අපේ නීතියට ඇතුලත් කල යුතුයි .මේ සියල්ල රක්ෂණයෙන් තොරව සිදුවිය යුතුයි