වංචාකරුවන් විසින් ව්‍යාජ කෝවිඩ් එන්නත්කරණ බලපත්‍ර අන්තර්ජාලය හරහා විකිණීම ආරම්භ කර ඇත විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බී.බී.සී ආයතනය සොයාගෙන ඇත්තේ වංචනිකයන් ෆේස් බුක් පාරිශීලිකයන් දැන්වීම් මගින් ව්‍යාජ කෝවිඩ් එන්නත්කරණ බලපත්‍ර අලෙවි කරන බව පවසා විවිධ වෙබ් අඩවි වලට යොමු කරගන්නා බවයි .
එංගලන්තය සහ තවත් රටවල් කිහිපයක පොදු ස්ථානවලට ප්‍රවේශ වීමට සහ විදේශගත වීමෙන් පසු ස්වයං හුදකලා වීම වළක්වා ගැනීමට එන්නත් කාඩ් පත ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇත.
විසින් ෆේස් බුක් වෙබ් අඩවිය ආධාරයෙන් එන්නත් නොකළ පුද්ගලයින්ට නීති රීති මග හැර යාම සදහා ව්‍යාජ එන්නත් කරන සහතික ලබා දේ .
ෆේස්බුක් ආයතනය පැවසුවේ එවැනි දැන්වීම් සහ අන්තර්ගතයන් සොයාගන්නා සැමවිටකම ඒවා ඉවත් කිරීමට කටයුතු යොදන බවයි .
එංගලන්ත රජයේ ප්‍රකාශකයෙක් පැවසුවේ,
වංචාව අපරාධයක් වන අතර කෝවිඩ් එන්නත්කරණ තත්ත්වය පිළිබඳ ව්‍යාජ සහතික ලබා දීම මිනිසුන්ගේ ජීවිත අවදානමට ලක් කරනවා පමණක් නොව පවුම් 10,000 ක දඩයකට යටත් වීමට සිදුවන බවයි .
එක් දැන්වීමක විකුණුම්කරුවෙකු කියා සිටියේ තමන්ට පෘතුගාලය, ප්‍රංශය, ග්‍රීසිය, ස්පාඤ්ඤය, ඕස්ට්‍රේලියාව, ලැට්වියාව, මොරොක්කෝව සහ එක්සත් රාජධානිය ඇතුළු රටවල් 22 ක් සදහා අවශ්‍ය එන්නත්කරණ සහතික තමන්ට ලබා දිය හැකි බවයි .
COMMENTS
වැක්සින් එකත් තනිකරම බොරුවක් නිසා කාර්ඩ් එක ඇත්ත වෙන්නේ කොහොමද?කොරෝනා කියන්නේ තනිකරම බොරුවක් .මේක ජාත්‍යන්තර ගේමක් ,බෙහෙත් ජාවාරමක්