
(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවල නිරත වාහන වලින් ඉන්ධන සොරා ගත් සංවිධානාත්මක කල්ලියක හත් දෙනකු අන්අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.
වේයන්ගොඩ වදුරව ප්‍රදේශයේ දී මෙම ජාවාරම සිදු කර ගෙන ගොස් ඇති බවද විශේෂ කාර්ය බළකාය කියයි. කලක පටන් සිදු වන මෙම ජාවාරම. සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකාය වෙත ලැබුණු තොරතුරු අනුව මූලස්ථාන කඳවුරේ සහ ගෝනහේන කඳවුරේ භට කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත .
සොරාගත් ඉන්ධන රැගෙන යාම සඳහා පැමිණ සිටි බවුසර් සහ වාහන කීපයක් ද සිිය භාරයට ගත් බව ද විශේෂ කාර්ය බළකාය කියයි.
(ඡායාරූප පුෂ්පකුමාර මල්ලවාරච්චි)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වාහන රාජසන්තක කරන්න.