අධික වර්ෂා තත්වය යටතේ අධිවේගී මාර්ගයේ රථවාහන ධාවනය කිරීමේදී රථවල ඉදිරිපස ප්‍රධාන බල්බ දල්වන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය රියැදුරන්ට උපදෙස් දී තිබේ.
අධිවේගී මාර්ගයේ රිය අනතුරු වළක්වා ගැනීම සඳහා පැයට කිලෝමීටර් 60ක පමණ පාලනය කළ වේගයකින් රිය ධාවනය කරන ලෙසද අධිවේගී මාර්ග මෙහෙයුම් හා අධීක්ෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර්.ඒ.ඩී.කහටපිටිය මහතා රියැදුරන්ට දැනුම් දෙයි.
“වැසි තත්වය හේතුවෙන් මීටර් 30කට එහා කිසිවක් පෙනෙන්නේ නෑ. රියැදුරන් මේ කාලගුණික තත්වයේදී රිය ධාවනයේදී ප්‍රවේශම් විය යුතුයි” යැයි ඒ මහතා කියාසිටී.
(16844)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd