(+++ සුජිත් හේවාජූලිගේ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ හා කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ ඉකුත් නිවාඩු දිනවල රථවාහන ධාවනයෙන් රුපියල් කෝටි අටකට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප‘යට ඊයේ පැවසීය.
මේ ආදායම උපයාගෙන ඇත්තේ එම මාර්ගවල ඉකුත් 6,7,8 හා 9 දිනවලදී ධාවනය වූ වාහන වලිනි.
එම දිනවලදී අධිවේගී මාර්ගවල ධාවනය වී තිබූ වාහන ප්‍රමාණය ලක්ෂ පහකට ආසන්නය.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර පාලටුව හා හම්බන්තොට බරවකුඹුක අතර කොටස විවෘත කිරීමෙන් පසුව අධිවේගී මාර්ග වලට දිනකට ඇතුළුවන වාහන සංඛ්‍යාව 15,000 කින් පමණ වැඩිවී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් එස්.ඕපනායක මහතා ‘ලංකාදීප‘යට පැවසීය.
අධිවේගී මාර්ග වලට නිවාඩු දිනවලදී ඇතුළු කෙරෙන වාහන සංඛාව 25,000 කින් පමණ ඉහළ ගොස් ඇතැයි ද ඔහු කීය.

COMMENTS
ඔය ආදායමනේ. ඕකේ වියදම කොපමණද ? ණය මුදලයි, පොළියයි ගෙවලා සේවක පඩි, නඩත්තු වියදම් එහෙම ඇරලා ලාභය කීයද ?
කෝ මේ ජවිපේ නායක අනුර කුමාර දිසානයක. පාරවල් ටික හදන්න පටන්ගන්නකොට සහ විවෘත කරනකොට කට උල් කරලා බොරු ගොඩක් සමාජගත කළා ඔය මනුස්සයා. දැන් මක්කැයි කියන්නේ ?
මේ මොකට කරදර වෙනවද? මුළු රටටම හැමදාම නිවාඩු දුන්නනම් අපිට අධිවේගයෙන් හම්බකරගෙන කාලා ඉන්න තිබුනා.
මේ සල්ලි වලින් මොනවද කරන්නේ? පාර දුර්වල වෙලා. තැන් තැන් වල කඩතොලු. විශේෂයෙන්ම ගැලනිගම හරියේ. පාලම්-බෝක්කු තිබෙන තැන් වල බම්පර්ස් හැදිලා. පාර නඩත්තුව අන්තිමයි.
මෙම දිනයන්හි රාජපක්ෂවරුන් ගෙන ආ ඇඹුල් තියල් ප්‍රමාණය, රතු අලි පැටවුන් විසින් වහාම රටට හෙළිදරව් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු .
පෙරේරා,කමල්, මුණසිංහ මහත්වරුනි, ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු ඔබ සාමාජිකත්වය දරන එක්සත් ජාතික ජනතා විමුක්ති පෙරමුණු පක්ෂයේ නායකයා විසින් ඉක්මනින්ම රට හමුවේ තබාවි. ඉවසගෙන ඉන්න. තාම හරියටම ගාන හදා ගන්න බැරි වෙලා. ගාන හදා ගත්තට පස්සෙ මලික්ගෙනුත් අහලම කියයි.
කොපමණ ලැබුනත් මොකටද? ඔය මුදල් වලින් සතයක්වත් අපේ රටේ ආර්ථිකයට එකතු වෙන්නේ නැහැනේ.
මේක හරියට වෙසක් පෝය දවසට පන්සලේ ආදායම වගේ කියලා මට නම් හිතෙන්නේ... ගමේ මිනිස්සුන්ගේ සල්ලි පංසලට එකතු වුණාම ඒක පංසලේ ආදායම කියලා හිතන එක හරිද..? මේකත් එහෙම්ම නේද?