(චන්ද්‍ර සේන ගමගේ)
ගාල්ල මහින්ද විද්‍යාලයේ සිට හම්බන්තොට ප්‍රදේශය දක්වා පැමිණි අධ්‍යාපන චාරිකාවක් පැමිණි බසයක් අම්බලන්තොට දෙහිගහලන්ද මහා විද්‍යාලය ඉදිරිපිටදී තවත් බස් රථයක ගැටීමෙන් පාසැල් බස් රථයේ ගමන් කරමින් සිටි සිසුන් 15 දෙනකු ඇතුළු 20 දෙනකු තුවාල ලබා හම්බන්තොට දිස්ත්‍රික් මහරෝහලට ඇතුළු කර තිබේ.
තුවාල ලැබු පිරිස අතර ගුරුවරු තිදෙනෙක් හා දෙමාපියෝ දෙදෙනෙක් ද සිටිති.
අම්බලන්තොට දෙහිගලලන්ද විද්‍යාලය ඉදිරිපිට ඇති බස් නැවතුමේ නවතා මගීන් ගෙන ඉදිරියට ඇදුණු ලංගම බස්රථයේ පසුපස මෙම පාසැල් බස් රථය වැදී තිබුණු අතර ප්‍රදේශවාසීන් පවසන්නේ ඉදිරියට ඇදුනු ලංගම බස් රථය හදිසියේම නැවතීම නිසා මෙම අනතුර සිදු වූ බව පොලිසිය සඳහන් කරයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රියදුරෙක් වුනාම ඉදිරියෙන් යන වාහනය ගැන සෝදිසියෙන් යා යුතුයි. ඉදිරියෙන් යන වාහනය කොයි මොහාතේ නැවත්වුවත් තමනුත් තම වාහනය නවත්තාගන්න සූදානමින් සිටිය යුතුයි. වාහන අතර සුදුසු පරතරයක් තබා ගැනීම ඉතාම වැදගත් වන්නේ ඒ නිසයි. මෙහි වරද සම්පූර්ණයෙන්ම වගේ පිටුපසින් ගිය බස් රියදුරාගෙයි.
බස් එකේ බ්රේක් නැද්ද හදිසියට නවත්තන්න ඉස්සෙල්ල ගිය වාහනයට වැරද්දක් කියන්න බැහැ