IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


‘‘අධ්‍යාපන ගැටළු විසඳන්න තේරීම් කාරක සභාවත් පත් කළ යුතුයි‘‘

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන පිළිබඳව පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කර පොදු නිර්දේශයක් ලබාගැනීමට සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කළ යුතු යැයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකින් ආණ්ඩු පක්‍ෂයේ සහ විපක්‍ෂයේ යන සියලු දෙනාගේම අදහස් ලබාගත හැකි බව කී අමාත්‍යවරයා පැවසුවේ එය වඩාත් හොඳම ක්‍රමය බව සිය පෞද්ගලික මතය යන්නයි.

ශ්‍රී ලංකාවට උචිත හොඳම මැතිවරණය ක්‍රමය පිළිබඳව විවිධ පාර්ශව අතර විවිධ මත පැවැති අවස්ථාවේදී මැතිවරණ ක්‍රමයක් සකස් කිරීම සඳහා දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් තේරීම් කාරක සභාවක් පත්කළ බවත් අධ්‍යාපනයේ විවිධ මඩගැසීම් සහ අවලාදවලට මුහුණ දීමට තේරීම් කාරක සභාවක් වඩාත් සුදුසු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

කොළඹ පිහිටි වෙළෙඳ අමාත්‍යංශයේදී අද (02) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එසේ පැවසීය.

 



අදහස් (7)

‘‘අධ්‍යාපන ගැටළු විසඳන්න තේරීම් කාරක සභාවත් පත් කළ යුතුයි‘‘

siri Monday, 02 August 2021 05:16 PM

අචාර්යතුමාගෙන් තවත් ඉස්තරම් අදහසක්... තේරීම් කාරක සභාවක් පත්කරලා එකෙන් වැඩේ හරිගියේ නැත්නම් එහෙම වුනේ මොකද කියලා සොයා බලන්න. තවත් "තේරීම් කාරක සභාවක්" පත් කළ යුතුයි. එතකොට ඔය ප්‍රශ්න සේරම ඉබේම නිරාකරණය වේවි...

:       0       425

NM Monday, 02 August 2021 06:51 PM

ගුරු ගැටළුව අධ්‍යාපන පරිපාලන සේවය 1, විදුහල්පති සේවය 1, සහ ලංකා ගුරු සේවය 1 කණ්ඩායම් තුනේම සමව තිබූ වැටුප වෙනස් වීම නිසා බව සොයා බැලීම් වලදී පැහැදිලි වේ. අධ්‍යාපන පරිපාලන සේවය 1 වැටුප 60% කින් ඉහළ දමා විදුහල්පති සේවය 1, සහ ලංකා ගුරු සේවය 1 කණ්ඩායම් සඳහා වැටුප් වැඩි නොකර පසුවට තැබීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම ගුරු වර්ජන දියත් වෙමින් තිබේ. 1997 දී අධිකරණයෙන් පවා තීන්දු කර තිබෙන්නා වූ මෙම වැටුප් වැඩිවීම් මෙතෙක් සිදුව නැත. එසේනම් කළයුතු වන්නේ කුමක්ද? අධ්‍යාපන පරිපාලන සේවය 1යේ ඉහළ දැමූ 60% වැටුප වැඩිවීම යළිත් අධිකරණ නියෝගයක් මතින්ම 20% කර විදුහල්පති සේවය 1, සහ ලංකා ගුරු සේවය 1 කණ්ඩායම් සඳහාද 20%ක් වැඩිකොට සියල්ලන්ම සම තලයකට ගෙන එ්ම වේ. එවිට වසර 26ක් වැනි කාලයක් නොවිසඳුණු මෙම ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලැබේ. මේ ආකාරයට කළ හැකිද කියා සොයාබැලීම රජයේ වගකීමකි.

:       0       3

Sri Lanka Monday, 02 August 2021 10:00 PM

පළමුවෙන්ම අපේ රටට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් හදන්න ,තවම අපිට බැරි උනා අධිරාජ්‍යවාදීන් කරපු කිසිම දෙයක් වෙනස් කරන්න ,දන්නේ මුදල් විනාශ කරන කමිටු අටවන්න විතරයි .ස්තුතියි

:       0       0

Dasa Tuesday, 03 August 2021 05:20 AM

ගුරුවරු මේ තක්කඩි හොරුන්ගේ බොරු වල‍ට රැවටුන කාලේ ඉවරයි කියලා හිතාගනිල්ලා

:       0       0

Lalith M Tuesday, 03 August 2021 06:47 AM

එහෙම කොහොමද. වැඩි කරපු දෙයක් අඩුකරන්න බෑ. අනිත් අයට ඒ ගණන දෙන්න ඕන. දේශපාලුවන්ට හිතුමතේට හැමදේම දෙන දූෂිත ආණ්ඩු උගතුන්ට නොසලකා, හොර වියතුන්ට සලකනවා. ඔහොම යමු.

:       0       0

ලලිත් එම් Tuesday, 03 August 2021 07:09 AM

බොරුව ප්‍රමාණය ඉක්මවා ගියාම කවුරුත් ඒ කියන දේවල් ගණන් ගන්නේ නෑ. මේ ආචාර්යතුමාත් මර්වින් සිල්වා ගණයේ කෙනෙක් වෙලා...

:       0       0

Shanka Tuesday, 03 August 2021 10:10 AM

මෙයා තේරීම් කාරක සභා පිළිබඳ විශාරදයෙක්... මේකෙන් කල්මරලා මරලා අන්තිමට මහජන මුදල් ලක්ෂගණන් නාස්ති කරලා ප්‍රශ්නය යට ගහනවා. ආණ්ඩුවේ ඉන්න හොඳ විජ්ජා කාරයින් මේ ගොල්ලන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1322 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1242 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 457 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site