(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් අවදානම හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු අංශය ඇතුළු අංශ හයක් වසා දමා ඇතැයි එහි නිලධාරියෙක් පැවැසීය .
කොරෝනා රෝගීන් හා රෝගීන්ගේ ආශ්‍රිතයන් පිරිසක් හමුවීම නිසා එම අංශ මෙසේ වසා දැමූ බවද ඔහු කීවේය .
මේ අතර කොරෝනා අවදානම හේතුවෙන් හුදෙකලා කෙරුණු ප්‍රදේශවල අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවකයන් රැසක් සිටින බවත් මේ කාරණය නිසා අමාත්‍යාංශයේ කටයුතු බොහොමයක් අඩාල වී ඇති බවත් එහි නිලධාරීහු පවසති .
කෙසේ වෙතත් අමාත්‍යාංශය කටයුතු කොවිඩ් අර්බුදය මැද හැකි උපරිමයෙන් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන ඇමතිවරයාගේ උපදෙස් මත විශේෂ වැඩපිළිවෙළක් යොදවා ඇතැයි පවසන එම නිලධාරියා වසා දැමුණු අංශවල කටයුතුද කඩිනමින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කළේය .
COMMENTS
අධ්‍යාපන ලේකම්තුමනි, අපේ අධ්‍යාපන ඇමැතිතුමාට කියලා දෙන්න. අධ්‍යයන කියන එකේ වෙනස සහ අධ්‍යාපන කියන එකේ වෙනස... ස්තුතියි..