
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් කෝටි 49 ක් සංසරණය වූ බැංකු ගිණුම අත්හිටුවන ලෙස දුන් අධිකරණය නියෝගය කඩ කළ බැංකු විධායක නිලධාරීවරයා දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට ගල්කිස්ස අධිකරණයේ මහේස්ත්‍රාත් උදෙශ් රණතුංග මහතා අද (2) නියෝග කළේය. විදෙස්ගතව සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවන් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන රත්මලාන 'කුඩු අංජු' සහ මොරටුමුල්ල 'ඇල්ටෝ ධර්මේ' නැමැති අපරාධකරුවන් විසින් මෙහෙයවනු ලැබු මත්කුඩු ජාවාරමේ මුදල් මෙම බැංකු ගිණුමට යොමු කර තිබිණ.
රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සහ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණය බාරදීමටත්,විදෙස් ගමන් තහනම් කිරීමටත් හා සෑම මසකම අවසන් ඉරුදින පෙරවරු 9- 12.00 ත් අතර කාලයේ බස්නාහිර දකුණ දිසාව අපරාධ කොට්ඨාසය ඉදිරියේ පෙනී සිටින ලෙසත් කොන්දේසි පනවමින් අදාළ බැංකු නිලධාරියාට මහේස්ත්‍රාත්වරයා විසින් ඇප නියම කරන ලදි.
මෙලෙස ඇප මත මුදා හැරියේ පෞද්ගලික බැංකුවක මූලස්ථානයේ මුදල් විශුද්ධි කිරීම වැලැක්වීම සහ අනුකූලතා අංශයේ විධායක නිලධාරීයෙකි. ඔහු පානදුර නල්ලූරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
2020 මැයි මස 22 දින රත්මලාන ප්‍රදේශයෙන් හෙරොයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවකුගෙන් මෙම බැංකු ගිණුම සම්බන්ධයෙන් ලද තොරතුරු මත අදාළ ගිණුම අත්හිටුවන ලෙස අධිකරණයෙන් නියෝග කර තිබිණ.
2025 සැප්තැම්බර් මස 11
694
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
2025 සැප්තැම්බර් මස 11
210
0
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
2025 අගෝස්තු මස 30
861
0
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අධිකරණ නියෝග නොතැකූ බැංකු නිලධාරියාටත් ඇප
Raveendra Friday, 02 October 2020 06:34 PM
සුදුවත කමලින් නෙත් බැන්දත් නොපෙනෙන්නට මාගේ.... බ්‍රිතාන්‍ය තරාදියක් තිබුනත් අතේ සමබර ලෙස මාගේ... පැත්තට බරවෙනවා තරාදිය හිතුනොත් හිතට මාගේ.....
සෙනෙවිරත්න Saturday, 03 October 2020 09:13 AM
මේ බැංකුවේ නම දාන්නකෝ, කුඩු ගිණුම් සේරම පුද්ගලික බැංකුවල... මේකත් එක හේතුවක් කුඩු ජාවාරම වර්ධනයට..