
(සුජිත් හේවාජුලිගේ)
එක රටක් එක නීතියක් සඳහා නීති කෙටුම්පත් කිරීමට උපදෙස් ලබාගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද 13 දෙනකුගෙන් යුතු කාර්ය සාධක බලකායේ ප්‍රධානියා වශයෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කිරීම සම්බන්ධයෙන් නොසතුටට පත්ව සිටින අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සිය ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බවට දේශපාලන කරලියේ කතාබහට ලක්ව ඇත.
විදේශ සංචාරයක යෙදී සිටින ජනාධිපතිවරයා පැමිණි පසු සබ්රි මහතා ඒ පිළිබඳව ඔහුට දැනුම්දී ඉල්ලා අස්වීමේ ලිපිය බාර දීමට සූදානම් වන බවටද දේශපාලන කරලියේ කතා බස්වලදී සඳහන් විය.
මේ අතර මෙවැනි කාර්ය සාධක බලකායක් පත් කරන බව තමා දැන නොසිටි බවත් තමාගේ අදහස් විමසීමකින් තොරව මෙවැනි කාර්ය සාධක බලකායක් පත් කිරීම පිළිබඳව තමා නොසතුටට පත්ව සිටින බවත් අලි සබ්රි මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පත කළ විමසුමකදී පසුගියදා ප්‍රකාශ කර තිබිණ.
රටේ නීති සකස් කිරීමට නිශ්චිත ආයතන තිබියදී මෙවැනි බලකා පිහිටුවීම තේරුමක් නැති වැඩක් බව අධිකරණ ඇමැති අලි සබ්රි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයිද දැනගන්නට ඇත.
ශ්‍රී ලංකාවේ එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ සඳහා පනත් කෙටුම්පත් සකස් කිරීමේ කාර්යය ඥානසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් යුතු එම බළකායට පැවරෙන බව ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.
එසේම අධිකරණ අමාත්‍යාංශය එක රටක් එක නීතියක් යන කාරණයට අදාළව සකස් කර ඇති නීති කෙටුම්පත් අධ්‍යයනය කර ඒවා යෝග්‍යතාව සහ සුදුසු සංශෝධන ඇත්නම් ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම සහ කෙටුම්පතට එකී යෝජනා ඇතුළත් කිරීමද මෙම කාර්ය සාධක බලකායට පැවරී ඇති තවත් කාර්යයක් බව එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
මේ අතර මෙම බලකායට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කිරීම සම්බන්ධයෙන් තවත් පාර්ශව ගණනාවකින්ද විරෝධය එල්ල වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් වත් තේරනවද නන්දසේනගේ මුග්ධ බව? මුළු රටම සමාජයම අවුල් කළා, විනාශ කළා
මේවා ඔක්කොම රඟපෑම්.
ආ.. කොහොමද? රිදුණද? රටේ මිනිස්සුන්ට හෙණ ගහලා ගියත් මොකෝ... කරන්න පුලුවන් දේවල් කරන කොට රිදුණේ නැහැනේ... කළකම් ඵල දෙන්නත් එපැයි. අපිටත් සතුටුයි පැණි වරකා ගහට හෙණ ගහන හැටි දකිනකොට...
ඔබේ අවංකභාවයටත්, තම ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටින ආකාරය ගැනත් ගරු කරනවා...
69 ලක්ෂය තව දුරටත් රඳවා තබා ගැනීමට යොදන උපක්‍රමයක් බැසිල් මහතාගේ .නමුත් ජනතාව 70 ලක්ෂයක් මෙම දුෂණ චෝදනා ඇති පාලනය ප්‍රතික්ෂේප කර හමාරය
දිට්ඨ ධම්ම වේදනීය කර්මය
බහුතරයක් පොහොට්ටු සුගන්ධය හැමූ ඡන්ද වලින් බලයට පත් ජනාධිපතිතුමාට ඔය පත්වීමට ඥානසාර හිමි හැර වෙන විකල්පයක් ඔලුවට ආවෙ නැතුව ඇති. රටට මේ සිද්ධ වෙන්නෙ ඇමරිකන් කුමන්ත්‍රණයක් කියල හිතෙන්නෙ මට විතරද ?
සර් වියතුන් කියලා තියෙන්නේ ගලගොඩ වගේ බයියන්ටයි .දැන් තේරුනාම තරු පේනවා නේද ?
ඔය විරෝධය එල්ල වෙන්නේ අන්තවාදී කල්ලි වලින් .උන්වම තමයි මෙරටින් අතු ගා දැමිය යුත්තේ .ඕක හොඳම සමීකරණයක් අන්තවාදීන් බුරුතු පිටින් අල්ල ගන්න තවත් පාස්කු ප්‍රහාරයක් දියත් වීමට පෙර
ඔය එන්නේ කස කාරයෝ !පෙරහැර ලඟම එනවා වගේ නේද ?
හිතුවට වඩා පිස්සු කියලා දැන්ද තේරුනේ?
මේවා ඔක්කොම බොරු රඟපෑම්...
පොහොට්ටුවේ දුර්ගන්ධය දැන් නම් හැමෝටම උහුලන්න බැරි වෙලා.69 ට කොහොමද ?දැන් සපයිද ?
හොඳම නළුවා තෝරන කෙනාට ගොඩක් මහන්සි වෙන්න වෙයි. කවුරුත් හොඳට රඟපානවා... නරඹන්නන් අනාථ වෙලා...
බෞද්ධ ඡන්ද රැකගන්න කරන නාඩගම...
අවශ්‍යතාවයක් තිබෙනවා නම් ... කියව කියවා ඉන්නේ නැතිව විමල්, ගම්මන්පිල, සිරිසේන විපක්ෂයත් එකතු කරගෙන ජනාධිපතිට විරුද්ධව විශ්වාස භංගයක් ගෙන එන්න. එහෙම නැතිනම් 19 වැනි සංශෝධනය නැවත ගෙන එන්න.. එහෙම නොකළොත් ඔබත් කරන්නේ බොරු රඟපෑමක් බව නිගමනය කරන්න මුස්ලිම් ප්‍රජාවට සහ රටේ අනිකුත් ජනතාවට සිදු වෙනවා.
විකාර...' මහමඟ මහදවාලේ මිනීමරලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මරණ දඬුවම දුන් කෙනා නිදහස් කරන්නත් මිනීමැරීම්, මංකොල්ලකෑම්, දූෂණ, භීෂණ ආදී කිසිවක් නොකර සත්‍ය ප්‍රකාශ කළ අය හිර දඬුවම් ලබන විටත් අධිකරණ ඇමති ලෙස නොසතුටක් ඇති වුනේ නැද්ද?
කවුරු මොනවා කිව්වත් එක නීතියක්, එක රටක් හදනවා... ඒක අනිවාර්යයි.. අපේ හාමුදුරුවනේ..! මේ රටේ ඉන්න සිංහල බයියන්ට තේරෙන්නේ නැහැ... ඔබ වහන්සේ කරන්න යන වැඩේ ගැන... ඉදිරි ගමනට තෙරුවන් සරණයි...!!!
මේ ඔක්කෝම එක වල්ලේ පොල්, මොල හතා තිරනාටකය ලියලා මේ අයට දෙනවා, දෙන්නා දෙපැත්තට වෙලා මුස්ලිම් මිනිහයි, සිංහල මිනිහයි කොටවනවා.. ඒ ගොල්ලෝ පස්සේ වාසි ගන්නවා. මෝඩ මිනිස්සු රැවටෙනවා... බුර්කාව තහනම් කරගන්න බැරිවුණු ස' වැඩකට ඇති වැඩක් කරයි මෙන්න කියලා...
හිතට එකඟව ඇත්තම කියනවා නම්, ජාති බේදයකින් තොරව සියලුම දේශපාලකයින් දන්නවා මේ රටේ බහුතර සිංහල බෞද්ධයින් මෝඩයින් බව. ඒ බහුතර ගොන්රැල නිසා මේ රටේ ජීවත් වෙන සියලුම ජාතීන්ට අපාදුක් විඳීමටයි සිදුවෙලා තියෙන්නේ. අනික ලංකාවේ දැන් සැබෑ බෞද්ධයින් නෙමේ සිටින්නේ, බෞද්ධ දේශපාලන පක්ෂයට අයිති අමනයින් රැලක්. බෞද්ධ මහා නායකවරු නිහඬයි. තලේබාන් සිවුරුකාරයින්, පාලකයින් සමග එකට එක්ව මේ රට විනාශ කරනවා. ප්‍රඥාවන්ත සැබෑ බෞද්ධයින් මාත් ඇතුළුව මේ අමන තක්කඩි රැල පිළිකුල් කරන බව මම ඉතාම හොඳින් දන්නවා. ඒ නිසා අපි ජාති, ආගම් බේදයකින් තොරව සියලු දෙනා එකට එක්ව මේ බඩ ගොස්තරවාදීන්ව පිළිකුලෙන් යුතුව හෙලා දැකිය යුතුයි.
කළින් කොරෝනා මරණවල එල්ලිලා දැඟලුවා. දැන් එක රටක්... එක නීතියක්... ඇයි මේ නිතිය කළින් හදලා ඉදිරිපත් නොකළේ..?
අධිකරණ ඇමතිතුමාටත් වඩා ඉහළම තානාන්තරයක් හාමුදුරු කෙනෙකුට දීපු නිසා අවුලක් ඇති. වියත්මගට වෙච්චි දෙයක්... ආණ්ඩුව තමන්ගේ නඩුහබ වලින් ගැළවෙන්නනේ මෙයාව පත්කෙරුවේ. දැන් වැඩේ ගොඩ ගියානේ? ඒ මදෑ...
එක රටක්, එක නීතියක් හදනවා කියන්නේ මේ අයට කිසිදා කරන්නට නොහැකි දෙයක් බව අමුතුවෙන් කිවයුතු නැහැ. අල් සබ්රි මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නඩු දිනෙව්වේ එක නීතියක් යටතේ වෙන්නට ඇති. ඒ නඩු දිනවපු නිසා තමයි සබ්රි මහතාට අධිකරණ ඇමතිකම ලැබුණේ. එය ලැබුණෙත් එක නීතියක් යටතේ වෙන්නට ඇති. දේශපාලන හිතවත්කමට ඇතැම් සිරකරුවන්ට සමාව ලැබෙනුයේත්, එක නීතියක් යටතේ වෙන්නට ඇති.
මේ අය සතුටු නොවුණාට කාරි නැත.. ඒ පත් කිරීම හොඳයි.. මේ අයට වුවමනා දේ දැන් කර ගන්න බෑනේ.. අන්න ඒකයි..
69 ලක්ෂයට පින්සිදු වෙන්න තව අවුරුදු 3ක් මේ නාටක ඉවසලා ඉන්න සිදුවෙනවා...
ඔබ වැනි අධිකරණ ඇමති කෙනෙක් අස්වෙලා යන එක තමයි හොඳ.