(අශෝක තිලකරත්න)
‘ඉබ්බා’ ඉබ්බා නැමති සැකකරුවෙකු අද (17) උදේ සොරකම් කරන ලද යතුරුපැදියකින් යමින් සිටියදී දික්වැල්ල නිල්වැල්ල හන්දියේදී අත්අඩංගුවට ගත් බව ගන්දර පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත් මෙම සැකකරු වරක් බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔවුන්ගෙන් මිදී පලාගොස් සිටියදී පසුගියදා තංගල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තංගල්ල අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ එහි ජනේලයකින්ද රිංගා පලා ගොස් තිබුණි.
අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහු ළඟ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 730 ක් ද සොයා ගත් බවත් මෙම සැකකරු මාතර ගන්දර තංගල්ල සහ සූරියවැව ඇතුළු පොලිස් වසම් කීපයක සිදු වූ විවිධ සොරකම්වලට සම්බන්ධ අයෙකු බවත් පොලිසිය කීය.
මෙම සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ගන්දර පොලිස් නිලධාරීහු මෙම සැකකරු අත්අඩංගුවට ගත්හ.
COMMENTS
කොන්ඩිපට්ටමට දාලා ලොක් කරලා තියන්න තිබුනේ...!
ඉබ්බන්ගේ ගමන කොහොමත් හෙමින්නේ. ඒ හින්දා අල්ලගන්න ලෙහෙසි වෙන්න ඇති. ජනේලයට නැග්ගේ කොහොමද කියන එක නම් ප්‍රශ්නයක්...
ජනේලෙන් නම් රිංගුවට කමක් නෑ, ඌ ඊට පස්සේ අල්ල ගත්තනේ... හැබැයි කනෙන් රිංගන කට්ටිය කොහොමද අල්ලගන්නේ. එක්කෝ සිංගප්පූරු යනවා. නැත්නම් සදාකාලික කල්ගැනීම මගින් නිදහසේ ඉන්නවා.
ඕවා මොනවද? අර එක මනුස්සයෙක් ඉන්නේ පොරගේ නඩු අහන්න එපා කියලා. ඒකෙත් අසාධාරණය ලංකාවේ මනුස්සයාට. ඇමරිකන් කාරයාට මාර වාසිය...
ඉබ්බනේ කටුව ඇතුලේ රිංගලා ඉන්න ඇති. කොයිඑකාට හරි පනින්න නම් ඇතුලේ සපෝර්ට් එක තියෙන්න ඕනේ.
යන්තම් මහින්ද රාජපක්ෂ බැණුම් අහන එකෙන් නිදහස් වුණා. මොකද දැන් ගෝඨාභය කියන හමට තමයි හැමෝම තඩි බාන්නේ... ඉබ්බා පැනලා ගිය එකටත් ගෝඨාභයට බැණුම්... මහ බැංකුව මංකොල්ල කාපු එක කාටවත් මතක නෑ...
ගල් ඉබ්බෙක් ..