IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


’අධිකරණයට පහරගැසීමෙන් මත් ද්‍රව්‍ය මර්දනය අඩපණ වෙනවා’

(අංජුල මහික වීරරත්න)
 
ස්වාධින කොමිෂන් සභා මෙන්ම ස්වාධින අධිකරණයට පහරගැසීම යනු මත් ද්‍රව්‍ය මර්දන ක්‍රියාවලිය අඩපන කිරීමක් යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාලිගාවත්තේදී අද (12) පැවැසීය.
 
බංකොලොත් දේශපාලකයන්ට අධිකරණය පාපන්දුවක් කරගන්නට ඉඩදියනොහැකි බව කි අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පැමිණ කිසිඳු පදනමක් නැති ප්‍රකාශ කරනවා නම් අවසානයේ එහි විපාක විඳින්නේ ජනතාව බවද කීය.
 
මාලිගාවත්ත“ලක්හිරු සෙවණ”  නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියර විවෘත කරමින් මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා.
 
       පාර්ලිමේන්තුවේ ගොස් කිසිඳු පදනමක් නැති ප්‍රකාශ කරනවා නම් එහි විපාක විඳින්නේ කවුද? රටේ ජනතාවයි. තවම මත් ද්‍රව්‍ය පාලනය කළා පමණයි. නැති කළේ නැහැ. ඒ තත්වය ඉදිරියට ගෙනයනවාද? අතර මඟ කඩා දමනවාද? මේ දේශපාලකයන්ට ඉඩ දෙනවාද? බංකොලොත් දේශපාලකයන්ට අධිකරණය පාපන්දුවක් කරගන්නට ඉඩ දෙනවාද? එය කරන්නට ඉඩ දෙන්නට බැහැ.
 
මත් ද්‍රව්‍ය ප්‍රශ්නය උග්‍ර වූ අවස්ථාවේදී 2015 හෝ 2016 දිනක පොලිසියේ උසස් නිලධාරීන් කැඳවා අය වැයෙන් තවත් මුදල් වෙන් කරන්න දැයි මා විමසුවා.ප්‍රශ්නය මුදල් නොවන බවත් අපට විශ්වාසය සහ ස්වාධීන අධිකරණයක් ලබා දෙන ලෙසත් එම නිලධාරීන් මා සමඟ පැවසුවා.
 
මත් ද්‍රව්‍ය ප්‍රශ්නය විසඳීමට නම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට පොලිසියේ කටයුතු වලට ඇඟිලි ගසන්නට ඉඩ දෙන්න එපා යැයි එම නිලධාරීන් පැවසුවා. 
 
පසුගිය පාලන සමයේ ඇතිවූ පාලන ප්‍රශ්න ඇඟිලි ගැසීම් නැවත ඇති වන්නට ඉඩ දෙන්නට එපා යැයි එම නිලධාරීන් ඉල්ලා සිටියා. අපේ අත් බැඳ ඇස්වසා කුඩු නැති කිරීමේ ව්‍යාපාරයක් අරඹන්නට යැයි කියන්නට එපා යැයිද ඔවුන් ඉල්ලා සිටියා.
 
ස්වාධින කොමිෂන් සභා නිසි පරිදි ක්‍රියාත්මක වන්නේනම් කුඩු ඇතුළු මත් ද්‍රව්‍ය මර්ධනය කළ හැකි බව උසස් පොලිස් නිලධාරීන්ගේ අදහස වුනා.
 
ස්වාධින කොමිෂන් සභා ස්ථාපිත කිරීම මගින් පොලිසියට විශ්වාසයක් ගොඩනැඟුණා. අධිකරණය පවා කොන්ද කෙලින් තබා ගෙන තීරණ ගත්තා.මත් ද්‍රව්‍ය මර්දන කටයුතු මෙලෙස වේගවත්වුයේ අප විසින් ඇති කළ ස්වාධින කොමිෂන් සභා නිසා යැයි ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

ඡායාරූප    චතුර එස් .කොඩිකාර 

 



අදහස් (6)

’අධිකරණයට පහරගැසීමෙන් මත් ද්‍රව්‍ය මර්දනය අඩපණ වෙනවා’

[email protected] Tuesday, 12 February 2019 02:52 PM

හොඳ කියමනක්

:       380       218

Bamunuarachchi Tuesday, 12 February 2019 04:22 PM

රන්ජන් රාමනායක හරි.

:       0       60

ranjith Wednesday, 13 February 2019 02:38 AM

පොහොට්ටු කාරයෝ ස්වාදීන කොමිෂන් සභා වලට බයයි තක්කඩි කම් කරන්න බැරී නිසා

:       67       114

BamunuarachchiWednesday, 13 February 2019 07:09 AM

තිබ්බ කොමිෂන් සභාවෙන් අලින්ට ලැබුනේ අමතිකමුත් නැතිවෙන්න. පොතේ හැටියට තව ලැබෙන්න ඕනේ 2020 දී. ඊට කලිනුත් ලැබෙයි.

:       0       0

kamal Wednesday, 13 February 2019 02:39 AM

සිදික් ටත් ඇප ලැබුනලු

:       0       22

Hafeel Wednesday, 13 February 2019 08:34 AM

එතකොට අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුව පාපන්දු කරගන්නකොට ඔයා කොහේද හිටියේ? ඔන්න බලන්න මෙයා සිංගපුරු මහේන්ද්‍රන්ට මේ රටේ ලොකු තනතුරක් දීල විනාශයක් කළා. දැන් එයාව මේ රටට ගෙන්න ගන්න බැරි මෙයාටද රට පාලන කරන්න දෙන්නේ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 682 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site