හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ දුරකතන හඬපටවලින් අධිකරණය සම්බන්ධයෙන් හෙළිවී ඇති කරුණු පිළිබඳව අගවිනිසුරුවරයා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇතැයි තමන් අපේක්‍ෂා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (20) පැවැසීය.
අධිකරණය කෙරෙහි වූ ගෞරවය හා විශ්වාසය නොමැතිව රටකට ඉදිරියට ගමන් කළ නොහැකි බැවින් එම විශ්වාසය නැවත ඇතිකිරීමේ වගකීම සියලුම දෙනාට පැවැරෙන බව ද ඔහු කීය.
අගමැතිවරයා මේ බව සඳහන් කළේ විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් සමග අරලියගහ මන්දිරයේදී ඊයේ (20) පැවැති සාකච්ඡාවකදීය.
ඉකුත් රජය යටතේ අධිකරණයට ඇඟිලි ගැසීම් සිදුව තිබෙන බව ඉතාම පැහැදිලි බවත් කෙසේ වෙතත් මෙම හඬපට සම්බන්ධයෙන් පරීක්‍ෂා කිරීමට ජනාධිපති කොමිෂන් සභාවට දන්වා තිබෙන බවත් අගමැතිවරයා පැවැසීය.
පෞද්ගලික අංශයත් මැදිහත් කරගෙන රටේ සංවර්ධනය ඇති කිරීම රජයේ බලාපොරොත්තුව බව කී අගමැතිවරයා ණය ගෙවාගත නොහැකි ව්‍යාපාරිකයන්ට සහන ලබාදීමත් සමග රටේ පොඩි පොඩි වෙනස්කම් සිදුවෙමින් තිබෙන බවද සඳහන් කළේය.
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට වත්මන් ආණ්ඩුවෙන් විශේෂ ආරක්‍ෂාවක් ලබාදී ඇති බවට එල්ලවන චෝදනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් අගමැතිවරයා සඳහන් කර සිටියේ හිටපු අගමැතිවරයා වශයෙන් ඔහු ආරක්‍ෂාව ඉල්ලා ඇතත් ඒ සම්බන්ධයෙන් තවමත් අවසන් තීන්දුවක් ගෙන නැති බවයි.
ඔහුට එල්ලවී ඇති තර්ජන සම්බන්ධයෙන් සොයාබලා ඔහුට ආරක්‍ෂාව ලබාදෙන බව කී අගමැතිවරයා ජනාධිපතිවරණයෙන් තමා පරාජයට පත්වූ දවසේම ඉකුත් රජය තම ආරක්‍ෂාව ඉවත්කළ බව ද සඳහන් කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සිදුකෙරෙන වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක වන බව පැවැසූ අගමැතිවරයා එය කිසිසේත්ම නතර නොකරන බව ද කීය.
වත්මන් රජය රටේ ජාතික සම්පත් නොවිකුණන බවට ප්‍රතිපත්තියක සිටිය ද ඒවා බදු නොදීමට තීරණයක් ගෙන නැති බව ද කීය. ගැබිනි මවුවරුන්ට ලබාදෙන පෝෂණ මල්ල නතර කර ඇති බවට පැතිර යන ප්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ද අගමැතිවරයා සඳහන් කළේය.
තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ මහත්වරු ද එම අවස්ථාවට සහභාගි වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රියානි බණ්ඩාරනායක අග්‍ර විනිශ්චයකාර පුටුවෙන් එලවන කොට අදිකරණයට ලොකු ගෞරවයක් වෙන්න ඇති. මෙතුමන්ලා කතා කරන්නේ ලංකාවේ මිනිස්සු මැරිලා ඉපදුණා කියලා හිතාගෙනද දන්නේ නැහැ.
නැතිව නැතිව. යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද? කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි.
ඔව් ඇත්තමයි ශිරාණි බණ්ඩාරනායක සිද්ධිය අපේ රටට තදින්ම බලපානවා.
සහතික ඇත්ත අගමැති තුමා! ඔබ තුමා ඒක එදත් ඔප්පු කරලා පෙන්නුවා අදත් එය ප්‍රායෝගිකවම ඔප්පු කරලා පෙන්නන්නයි හදන්නේ! දැන් දැන් බලල්ලු එකා දෙන්නා මල්ලෙනන් එලියට පනින්නේ "තිබුන නිතිය වැරදියි කියාගෙන". දේශපාලකයොයි ඇතැම් රූපවාහිනි චැනලුයි මේ රටට කරන හානිය ගැන කම්පාවෙනවා හැරෙන්න රට වැසියෙක් හැටියට වෙන කරන්න දෙයක් නෑ
ඔවු ඔබතුමා හොඳට ගරු කරා කියල මුළු රටම දන්නවා. 2015 ප්‍රතිපලයෙන් ඒක පෙනුන නේ?
සමහරවිට ඒක නිසා වෙන්න ඇති අපි වසර 70 තිස්සේ එකම තැන ඉන්නේ.
මිනිස්සු ඉස්සරහ කොහොම මේ වගේ කතා කියනවද මන්දා ?
අනේ මඟේ කට....! ඒ දවස්වල දේවල් මතකම නැද්ද ආයිබෝන් ...!
අපි නම් මැරිලා ඉපදිලා නැහැ , මේ ඇයො ගැන නම් දන්නේ නැහැ. වෙන්න ඇති නේ නැත්නම් මේ දේවල් කියැවීය.
අනේ අගමැති තුමනි අහන්නත් සන්තෝසයි ඔබතුම මනාව තේරුම් අරගෙන කියලා.
ඔබතුමාගේ කාලේ කරපු බොහෝ වැරදි දැන් අමතක වෙලා වගේ. අපිටනම් මතකයි.
අපේ දේශපාලකයෝ හිතන්නේ රටේ ඉන්නේ ඔක්කොම ගොන්නු කියලා.................
මාර විහිලුනේ ඔයා සපයන්නේ. රන්ජන් දෙක මේ..
බැසිල්ගේ නිවස සහ අක්කර 16 ඉඩම ගැන අධිකරණය මොනවා හරි කරාවිද ?
මෙන්න මෙයා හීනෙන් දොඩවනවා. අර ට්‍රම්ප් උන්නැහේ වගේ මනෝ වෛද්‍යවරයෙකුට පෙන්නමුද?
වයසේ වැරැද්දට මෙවැනි කතා කියන්නේ. ප්‍රභාකරන් ඇත්තනේ කිව්වේ සිංහලයට හැමදේම ටික දවසයි මතක කියලා. නමුත් ඒ වචනේ හරි මේ වගේ ලොක්කන්ට විතරයි. ජනතාවට හොඳ මතකයක් තියෙනවා මෙයාගේ. තමන්ට බලය තියෙනකොට අධිකරණය අල්ලේ නටවන කට්ටිය නැතිකොට පලු අරිනවා. රන්ජන්ට මේ වගේ කට්ටියගෙන් හඬ පටියකුත් ගැහුවනම් අද ගෙදර.
බලන්න ජීවිතේට අධිකරණයට බලපෑම් කරන්න හිතලවත් නැති පට්ට හොරෙක් ඒ වගේම පට්ට හොරු සෙට් එකක් ඉස්සරහ තියාගෙන වැදි බණ දෙසනවා. 2015 ඡන්ද ප්‍රතිඵල අනූව අග්‍රවිනිශ්චයකාරයෙක් ළග තියාගෙනලු කියන්නේ. මොකෝ දන්නේ නෑ.
මේ මනුස්සයා කටින් ද දන්නේ නෑ කතා කරන්නේ? නැත්නම් හරක් පට්ටියකට වෙන්න ඇති.
ඉතින් මේ අපිද ඒ ගෞරවය නැති කළේ? දියවන්නා ඔයේ ඉන්න " මිහරකුන් 225 " ම ඒ නිවට අලුගුත්තේරු වැඩේට ඍජුවම වගකිව යුතුයි නේද ? අපේ මතක නිවැරදි නම් මෙය පටන්ගත්තේ මට කළ නොහැක්කේ ගැහැනියක මිනිහකු කිරීමට පමණයි වහසි බස් දෙඩූ කෙනාගෙන් නොවේද.? එතනින් පටන් ගෙන මේ මොහොත වෙනකම් මිහරකුන් 225 ම අඩුවැඩි නැතිව මේ වැඩේට දායක උනා නේද ?
මෙයා අද ඉපදිච්ච කෙනෙක් වෙන්න ඇති .... නැත්තම් ඔලුව කොහේ හරි සැරෙන් වැදිලා ඇති.
ටොම්පචයෝ ජෝකර්ලව සනසන කතා ...
ආදී කාලීන මිනිස්සු කොළ අතු ඇන්දා. ඒ තම නිරුවත ප්‍රදර්ශනය වුවහොත් ඇතිවන ලැජ්ජාව නිසායි. අද දේශපාලුවෝ රෙදි අඳිති. ඒ තම නිරුවත ප්‍රදර්ශනය නොකළොත් මදි පාඩුවක් වෙයි කියා ඇතිවන ලැජ්ජාව නිසාය.
නීතිගරුක රජයක් යටතේ හඩ පට ලීක් වෙන්නේ බෑ. ඒකියන්නේ මේවා බොරු හඩ පට.
අනේ අපි මැරිලා ආයෙත් ඉපදුනු අය කියාලවත් මෙයා කලපනා කලාවත්ද?
වැද්දෝ බන කිව්වට මොලේ තියෙන මිනිස්සු අහන්නේ නැහැ. මේ අය හිතන්නේ මිනිස්සු මැරිලා ඉපදිලා කියලා.