IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අද මැදියම් රෑ සිට දුම්රිය වර්ජනයක්

මහින්ද නිශ්ශංක

දුම්රිය ශ්‍රේණිගත හා දේශපාලන වෘත්තීය සමිති 85 කට අධික සංඛ්‍යාවක් අද (3) මධ්‍යම  රාත්‍රී 12 සිට අඛණ්ඩ වර්ජනයක යෙදීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා දුම්රිය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් හා දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සමකැඳවුම්කරු එස්.පී. විතානයේ මහතා පැවසීය.

රාජකාරිය කාලය තුළදී බීමත්ව සිටීම සම්බන්ධව වැඩ තහනම් කරන ලද දුම්රිය වෘත්තීය සමිතියක ලේකම්වරයකු නැවත සේවයේ පිහිටුවීමට ප්‍රවාහන අමාත්‍යංශ බලධාරීන් දුම්රිය සාමාන්‍යාධිකාරි බලපෑම් කිරිමට විරෝධය දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මක කෙරේ.



අදහස් (9)

අද මැදියම් රෑ සිට දුම්රිය වර්ජනයක්

C.K.Lankaputhra Wednesday, 03 July 2019 08:52 AM

මේකට ආණඩුව හිස නැමුවොත් ඒකෙ තේරුම රාජකාරි වෙලාවේදී ඕනෑම රජයේ සේවකයෙකුට බීමත්ව හිටිය හැකි බවත් ඊට විරුද්ධව කිසිම විනයානුකූල ක්‍රියා මාර්ගයක් ගැනීමට නොහැකි බවත්ය. මෙය කිසිවිටෙකත් පූර්වාදර්ශයක් නොවියයුතුයි...

:       81       311

අසංකWednesday, 03 July 2019 09:55 AM

මොනවද මේ කියන්නේ.? මේ වර්ජනය කරන්නෙත් ආණ්ඩුවට හිස නොනමන්න තමයි. වර්ජනේ එපා කියන්නේ බොන්න අනුමැතිය දෙන එකනේ. පොඩ්ඩක් නිවුස් එක කියවන්නකෝ අප්පා...

:       60       193

SISIRA Wednesday, 03 July 2019 09:04 AM

ඇමති තුමා යන යන තැන අවුල් නේ...

:       28       8

Mahee Wednesday, 03 July 2019 09:10 AM

ඉතිහාසයේ පළමුවැනි වතාවට ඔන්න මම දුම්රිය වෘත්තීය සමිතිවලට පක්ෂව අත උස්සනවා. ඔල මොට්ටල අහංකාර ඇමතියලා රට කන එක නවත්වන්න ඔන්න ඔහොම එකතුවෙන්න සහෝදරවරුනි!

:       212       265

magiya Wednesday, 03 July 2019 09:16 AM

සියලුම දුම්රිය සේවකයන් ඉවත් කරනු, සියලුම දුම්රිය හා සියලුම දුම්රිය යකඩ විකුණා දමනු,

:       69       432

janaya Wednesday, 03 July 2019 09:54 AM

මගී අපට මේ කිසිවක් අදාල නැත. වෙලාවට රාජකාරි කිරීමට යාමට, ඒමට පමණක් තිබීම පමණක් අදාල වේ.

:       0       72

gobila Wednesday, 03 July 2019 09:57 AM

හා හා එතකොට මේ GMR ද වර්ජන සඳහා සහයෝගය දක්වා ඇත.

:       34       56

malani Wednesday, 03 July 2019 10:09 AM

කැලණි වැලි මාර්ගයේ දුවන සීඝ්‍රගාමී දුම්රියක් උඩහමුල්ලේ නවත්වන්නේ ඇමතිගේ ඕනෑකමකටලු. හැමදෙයම ඇමතිට ඕන විදිහටයි. මෙම වැරදි හරිගස්වන්නේ කවුද?

:       27       109

sumathi Wednesday, 03 July 2019 10:18 AM

මෙය සිකුරාදා වර්ජනයට ප්‍රතිවර්ජනයක් ...

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site