
(ඩයනා උදයංගනී)
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අදත් (25) සවස 1.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දකුණ, සබරගමුව, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
උතුරු සහ උතුරුමැද පළාත්වල උදෑසන කාලයේද වැසි ඇතිවන බව ඔහු කීවේය.
ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇතිවිය හැකි බව ද හෙතෙම පැවසීය.
මධ්‍යම සහ සබරගමුව පළාත්වල මීදුම් සහිත තත්වයක් පවතින බව ද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd