(ඩයනා උදයංගනී)

සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල අද (18) වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සෙසු ප්‍රදේශවල පස්වරු 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නැගෙනහිර, උතුරු සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 100 ට වැඩි තරමක තද වැසි ද ඇති වන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

උතුරු මැද පළාතේ ඇතැම් ස්ථාන්වල උදය කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව එම ප්‍රකාශකයා පැවසීය.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල අකුණු අනතුරු හා තාවකාලික තද සුළං ඇතිවිය හැකි බවද ඔහු කීවේය.