(ඩයනා උදයංගනී)

සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල අද (17) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව, බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලese මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ද ඇති වන බවඑම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි ඇතිවන අතර ඌව පළාතේත්, අනුරාධපුර, වවුනියා සහ මුලතිව් දිස්ත්‍රික්කවල මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇති වන බව එම ප්‍රකාශකයා පැවසීය.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල අකුණු අනතුරු හා තාවකාලික තද සුළං ඇතිවිය හැකි බවද ඔහු කීවේය.