(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම කොළඹ නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී මීට සුළු මොහොතකට පෙර සිදු කෙරිණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එහි මහලේකම් දයාසිරි ජයසේකර සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් සහ යන මහත්වරු මෙම ගිවිසුමට අත්සන් තැබූහ.
මෙම ගිවිසුම් අත්සන් තැබීම කොළඹ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අද පෙරවරු 10.42ට පමණ යෙදුණු සුබ මොහොතින් සිදුකෙරිණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩ බලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ඡායාරූපය-ඩයනා උදයංගනී )




(ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා)
COMMENTS
අද නිවාස අමාත්‍යංශයේ සියලු සේවකයන් කොළඹට කැඳවලා උදේ රැස්වීමකට... හවස් වරුවට ගෝල්ෆේස් දක්කන්න හදන්නේ... මැකෝ නිදිද?. මේ අයට වැටුප්, ප්‍රවාහන දීමනා සමග රැස්වීම්වලට යන්න අවස්ථාව...
හොරු හොරු කියපු අයවලුන් යහළුවන් වී ඇත.. මේ ආකාරයෙන්ම u.n.p. එකේද නිරුවත එළිවෙන දවස වැඩි ඈතක නැත. විකල්පය වටා මිනිසුන් එකතුවීම වළක්වන්නට බැරිය..
හොරු සමග හෙළුවෙන්..
කුණු තියන තැනට තමයි තව කුණු එකතුවන්නේ, ඒ නිසා මේකේ පුදුම වෙන්න හෝ සතුටු වෙන්න දෙයක් නැහැ. තමන්ගේ පැවැත්ම ගැන හා තියන නඩු ටික බේරගන්න ගහපු සන්ධානයක්.... සරලව කියනවා නම් නඩු බේරා ගැනීමේ පෙරමුණක් මේක...
ඊයේ සජිත් ළඟ තියාගෙන තේනුවර කිව්වා ”රණවිරු ගායට ” ළඟදීම බෙහෙත් දෙනවා කියලා...
ශ්‍රීලනිපය වෙනුවෙන් අත්සන් කරන මොහු ශ්‍රී ලංකා කාරයෙක්ද? මෙයා කරන කියන දේ පිළිගන්න ඕනෑද? නව තරුණ නායකත්වයක් අවශ්‍ය වී ඇත.
රට දියුණු කරන්න ගිවිසුම්..!!!
සිරිසේන මහතාට අගමැතිකම නොදුන් නිසා කඩාගෙන ආවා. ඒ නිසා පොහොට්ටුව බිහිවුණා. ශ්‍රීලනිපය දියවුනා. යුඑන්පීයේ පිහිටෙන් ආවත් කළගුණ සැලකීමක් ලෙස එයද දිය කරා. තමන්ව පොලව යටට යවනවා යයි කී අය සමග නීතියට පටහැනි හොර ආණ්ඩුවක් පිහිටෙව්වා. දැන් සියල්ලම අමතක කර නැවත එකතු වුනා. රෙදි ඇඳගෙන එය එක්වරම කරන්න බැරි නිසා ගිවිසුම් ගසා ඊළඟ මහා ඡන්දය වෙන විට ඔක්කොම කට්ටිය ශ්‍රීලනිපයෙන් අත ලකුණෙන් ඉල්ලනවා. ඕක තමයි සත්ත්‍ය. ඒ උනාට එය රටට පෙන්වන්නේ වෙනත් ආකාරයකින්. මේ වගේ නරි කපටි දේශපාලුවන් ඉන්නා ලොව එකම රට සිරිලංකාව වෙන්න ඇති.
කෝ අපේක්ෂකයා? සිංගප්පූරුවේ ඉඳගෙන සජීවීව එකතුවෙන්න ඇති මගේ හිතේ... සමහරුන්ට නම් පෙර යම් දිනයක හිතේ සාංකාවෙන් යුතුව අනුභව කළ "බිත්තර ආප්ප" දැන් වමාරන්නයි වෙන්නේ... එදා රාජපක්ෂලා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන් ලෙසය. ශ්‍රීලනිපය ප්‍රධාන පක්ෂය වූ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඔවුන්ගේ පෙරමුණ විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙතෙක් කල් වැට උඩට වී සිටි අය අද පොහොට්ටුව වෙත යන්නේ කිසිදු පෙරමුණකට සම්බන්ධවීමට නොව "රාජපක්ෂ පවුලේ සීමා සහිත සමාගමකට" එකතු වීමටයි. අද අනුරාධපුරයේ දුමින්දගේ ගෙදරටම ගෝඨාභය පියමන් කර ඇත. ඒ සමඟම සබීතාගේ ගොඩනැගිල්ලේ ප්‍රශ්නය දැන් ඉතිහාසයට එක්වෙනු ඇත. මහින්ද ලඟට ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසට දැන් වෙන්නේ ඉදිරි මැතිවරණවලදී මහින්ද දෙන දෙයක් බාරගන්නට ගෝඨාභාගේ මිරිහාන බංගලාවේ පිළිකන්නට වී බලා ගෙන ඉන්නටය. දැන් වුවමනා හරිය සිදුවී අවසාන නිසා මහින්ද නම් විපක්ෂ නායක නිල නිවසට ඒ කිසි කෙනෙක් තවදුරටත් වද්දා ගන්නේ නැත. අවසානයේ කිවයුත්තේ බණ්ඩාරනායක මහතා මෙතරම් අභිමානයෙන් බිහිකළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිරිවෙන්නට දෙයක් දැන් නැති බවයි. ප්‍රේමදාස නම් දැන් හිනාවෙනවා ඇත්තේ අනිත් පැත්තෙනි...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයිතිය 1956 ඉදන් 1977 වෙනකම් බණ්ඩාරනායක පවුල, 1994 ඉදන් අයිත් ඒගොල්ලෝම , ඊට පස්සේ ඒක රාජපක්ෂලාට වික්කා. අලුත් තරුණ නායකත්වයකට පහුගිය අවුරුදු හැට ගාන පුරාවට ඉඩක් තියා බලාපොරොත්තුවක් වත් තිබුනේ නෑ 2015 වෙනතුරු.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මළගම පොහොට්ටුවට දෙයි අවසන් කටයුතු කරන්න .
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මළගම පොහොට්ටුවට බාරදීමේ අත්සන් තැබීම