IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අතරමැදි ගබඩා 6කින් වී කිලෝ ලක්‍ෂ 40ක් අල්ලයි

(යොහාන් භාසුර)

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අතරමැදියන්ගේ ගබඩා හයක් වටලා වී කිලෝ ලක්‍ෂ 40 කට අධික ප්‍රමාණයක් පාරිභෝගික කටයුතු ආධිකාරිය බාරයට ගෙන මුද්‍රා තැබූ බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (25) පස්වරුවේ පැවසීය.

මුද්‍රා තබා ඇති මෙම ගබඩා හයේ ඇති වී තොගය සහතික මිලට වී අළෙවි මණ්ඩලයට අළෙවිකිරීමේ අවස්ථාව එම අතරමැදියන්ට ලැබෙන බව කී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එසේ නොවුණ මෙහොත් ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් කළේය.

වී තොග රැස්කිරීම දිගින් දිගටම පුරුද්දක් ලෙස කරගෙන යන මේ පුද්ගලයන්ට රජ්‍ය බැංකුවලින් විශාල වශයෙන් ණය සපයලා ඇති අතරම එහිදී ලංකා බැංකුව වැඩි ණය ප්‍රමාණයක් ලබාදී ඇති බවත් මෙම පුද්ගලයන්ට සහල් මිල ඉහළ දැමීමේ චේතනාවෙන්ම තොග රැස්කිරීමට අවස්ථාව දියනොහැකි බවත් අමාත්‍යවරයා කීය.

පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා ඇතුළු කණ්ඩායම අද (25) පොළොන්නරුව සහ අම්පාර දිස්ත්‍රික්වල අතරමැදියන්ගේ වී ගබඩා වැටලීම් ආරම්භ කළ බව අමාත්‍යවරයා හෙළි කළේය.



අදහස් (5)

අතරමැදි ගබඩා 6කින් වී කිලෝ ලක්‍ෂ 40ක් අල්ලයි

නිපුනරත්න අරලියගේ Wednesday, 25 August 2021 05:16 PM

ලොව ආහාර වලින් අධික ලාභ ගන්නා එකම රට මේ ශ්‍රී ලංකාව පමණයි. ආහාර යනු දෙවියන්ගෙන් ලද්දක් සේ එම රටවල මිනිසුන් සලකයි. සුළු ලාභයක් තබාගෙන වියළි ආහාර මෙන්ම පිසූ ආහාර ඔවුන් විකුණයි. ඒ අතින් අප රටේ සියලුම දෙනා අවාසනාවන්තයෝ ය.

:       0       11

දිසා.....ගම්පහ. Wednesday, 25 August 2021 06:02 PM

පාරිභෝගිකයා ගසා කමින් අධික ලෙස ලාභ ලබන සැවොම ප්‍රවේශම් විය යුතු කාලයක්... කොරෝනාව තවත් ප්‍රභේද අනුව පැමිණිය හැකි බව අසාධාරණ අයුරින් කටයුතු කරන සැවොම සිත්හි තබා ගත යුතුයි. එසේම වසවිස යොදා ජනතාවට ආහාර පාන සපයන තැනැත්තන්ද මේ ගැන සිතට ගැනීම සුදුසු වනු ඇත. මේ ස්වභාව ධර්මය විසින් ලෝකය පාලනය කරන සමය බව අවබෝධ කර ගනිමින් ධර්මිෂ්ඨව ජීවත්වීමට අදිටන් කරගනිමු. එසේම ජනතා මුදල් ගසාකන පුද්ගලයින්ද ප්‍රවේශම් විය යුතු කාලයක්...

:       1       3

Sriland Wednesday, 25 August 2021 07:42 PM

හාල් නැව ආවට පස්සේ නඩුත් හාමදුරුවන්ගේ බඩුත් හාමදුරුවන්ගේ

:       2       3

asanka Wednesday, 25 August 2021 08:22 PM

මෙවැනි මහජනයා සූරාකන ජාවාරම් කාරයින්ට අනුබල දීම සම්බන්ධයෙන් එම සභාපතිවරයා අස්කර දැමිය යුතුයි...

:       0       4

L.G.P.Jathunarachchi. Thursday, 26 August 2021 10:55 AM

එම වී නැවත සාර්ථකව බෙදා හැරීමට පාරිභෝගික අධිකාරියට හැකි වේවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 252 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site