(අංජුල මහික වීරරත්න)
කොරෝනා වසංගතය නිසා නැවතී ඇති ගමේ සංවර්ධන කටයුතු ලබන වසරේ සිට නැවත ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
මෙවර අය වැයෙන් පලාත් පාලන ආයතන නියෝජනය කරන මහජන නියෝජිතයින්ට රුපියල් ලක්ෂ 30 බැගින් ලබා දීමටත් ග්‍රාම නිලධාරි වසම් සදහා රුපියල් ලක්ෂ 40 ක් බැගින් ලබා දීමටත් තීරණය කර අති බවද අමාත්‍යවරයා සදහන් කෙළේය.
මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ලක්ෂ 100 ක් බැගින් සංවර්ධන වැඩ සඳහා මෙවර අය වැයෙන් මුදල් ලබා දීමටත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සංවර්ධන වැඩ ඔක්කොම කරගන්න පුළුවන් කොරෝනා ප්‍රශ්නේ ඉවර කර ගත්තම .ආණ්ඩුව දහ අතේ ණය වෙලා වලේ වටෙන් නැතුව ඉන්න මොහොතේ මෙයා එනවා සංවර්ධන බයිලා ගහන්න .මේගොල්ලන්ට කුමක් නැති වුනත් කොමිස් එක නම් ඕනේ .අර කළු සල්ලි වලින් ගත්ත එංගලන්තේ තිබෙන දේපල විකුණලා එම මුදල් සංවර්ධන වැඩට යොදවන්න
කුඩු /පෙති ගමෙන් ඉවත් කරමු
ණයට අරන් කරන සංවර්ධනයෙන් පලක් නෑ .පුලුවන්නම් බඩු මිල අඩු කරන්න ,අපි ගම හදා ගන්නම්
හැබැයි මමත් ගානක් තියාගෙන
බයියන් පිනවන කතා...
ඔව්, ඔව් ඉක්මණින් පටන් ගන්න ඕනේ. මොකද අපේත් මේ හැඹිලිය හිස් වෙලා හොඳටම...
මෙයා හරි අවංක ඇමැති කෙනෙක්... කිව්ව දේ කරනවා..
ඔබ විසින් දුෂිත ආකාරයෙන් උපය ගත් එංගලන්තේ දේපල ,ස්විස් බැංකු ගිණුම් වල සල්ලි වලින් එක ගමක් නොවේ ගම් 7 කට අවශ්‍ය මාර්ග ,රෝහල් ,පාසැල් වැනි සියලුම පහසුකම් දීලා ඒවා සංවර්ධනය කල හැක
ගම කෙසේ වෙතත් මෙයානම් සෑහෙන්ඩ සංවර්ධනය වුනා. ඒ බව දන්නෝ දනිති .