(රොමේෂ් මධුෂංඛ)
අතුරුදන් වූවන් විසින් විසඳුම් ඉල්ලා ආරම්භ කළ සත්‍යග්‍රහයන්ට වසර 2 ක් පිරුණද මෙතෙක් විසඳුම් නොමැති වීම හේතුවෙන් අද (25) උතුරු පළාත පුරා හර්තාලයක් ආරම්භ කර තිබේ.
මේ අනුව වව්නියාව , කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම් හා යාපනය යන දිස්ත්‍රීක්කයන්හි කලු කොඩි ඔසවමින් සියලු වෙළඳසල් වසා දමා ඇති අතර ඇතැම් දිස්ත්‍රික්කයන්හි දමිළ පාසල්හිද වසා දමා ඇත.
එමෙන්ම උතුරු පළාතේ සිදු කෙරෙන බස් ධාවනය ද සම්පූර්ණයෙන්ම නවතා ඇති අතර පළාතෙන් පිට ප්‍රදේශවලට පමණක් බස් ධාවනය වීම හේතුවෙන් උතුරු පළාතේ ගමනාගමන කටයුතු සිදු කළ රජයේ සේවකයින් ඇතුළු බොහෝ පිරිසක් අපහසුතාවයන්ට පත්ව සිටියහ.
උතුරු පළාතේ අද දින රජයේ ආයතනයන්හීද රජයේ සේවකයින් බොහෝ පිරිසක් අඩුවීම හේතුවෙන් දෛනික කටයුතු අඩාල වී ඇති බවද වාර්තා වෙයි.
යුද්ධය හේතුවෙන් අතුරුදන් වූවන් විසින් මේ වන විට වව්නියාව, කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික්කයන්හි ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට වසර දෙකක් ගත වුවද මෙතෙක් අතුරුදන්වූවන් වෙනුවෙන් පිළිගත හැකි විසඳුමක් නොලැබීම හේතුවෙන් අද දිනයේදී උතුරු පළාතේ හර්තාලයක් ආරම්භ කිරීමට පියවර ගැණිනි.
ඒ සඳහා උතුරේ වෙළඳ සංගම්,බස් සංගම් ඇතුළු විවිධ වෘත්තීය සමිති සහය ලබා දුන් බවට හර්තාලය සංවිධානය කරන ලද අතුරුන්වූවන්ගේ ඥාතීන්ගේ සංගමය වැඩිදුරටත් කියා සිටියේය.




COMMENTS
'අතුරුදන් වූවන් විසින් විසඳුම් ඉල්ලා ආරම්භ කළ සත්‍යග්‍රහයන්ට වසර 2 ක් පිරුණද? සත්‍යග්‍රහයක් අරඹලා තියෙන්නේ අතුරුදහන් වුණු අයමනේ. එතකොට කවුරුවත් අතුරුදහන් වෙලා නැහැනේ.
එතකොට දකුණේ අතුරුදන් වුවන් ගැන මොකද කියන්නේ.
ඇයි දෙයියනේ අපේ එකෙක්වත් මුන්ගෙන් අහහ්නේ නැත්තේ මොකද කගේ වරදින්ද අතුරු දහන් වුනේ කියා. අපේද වරද අපිට ඕන නිසානේ යුද්ද කලේ. අනික අපේ හමුදාවල අයයි ඔය කිසිවකට සම්බන්ඳ නැති අපේ අහිංසක මිනිස්සු කොපමණ අතුරු දහන් වුනාද ?
අතුරුදන් වූවන් විසින් විසඳුම් ඉල්ලා ආරම්භ කළ සත්‍යග්‍රහයන්ට????????----- මේක මරුනේ
රාජ්‍ය ආයතන සහ පාසල් වහන්නේ කොහොමද? කාගේ බලයක් ඇතුවද? මේවා වහාම සොයා බැලිය යුතුයි.
පාර්ලිමේන්තුවේ ඉන්න දෙමල කොටිහිතවාදී මැති ඇමති ලගේ උවමනාව මිස දෙමල ජනතව ගේ උවමනාවන් නොවේ. අපි ගියා යාපනයේ, ඒ අය කතා කලහම් හැමෝගෙම මතය උනදෙවල් වල ට LTTE එක වගකියුතු අතර අද අපි සතුටෙන් කරදරයක් නැතුව නිදහසේ ජීවත් වෙනවා. අදත් හමුදාව අපිව ආරක්ෂා කරනවා.
අතුරුදන් වූවන් වෙනුවෙන් රජය මෙතෙක් කරපු දෙයක් නැහැ කියලා තමයි මමත් හිතන්නේ...
යුද්ධය කාලයේදි මියගියා කියලා මරණ සහතික දිලා දැම්ම නම් ඉවරනේ... හැමදාම වහලා තිබ්බත් අපට මොකද?
අතුරුදහන් වුණා කියන මනුෂ්‍යයෝ දහස් ගණනක් යුරෝපේ වෙනත් නම් වලින් ජීවත්වෙනවා. සමහරු වෙනත් නම් වලින් හොර උප්පැන්න පවා සකසාගෙන එම රටවල් පුරවැසිභාවය පවා ලබාගෙන එහෙ ජීවත්වෙනවා. ලංකාවට යනවා එනවා 80% හොරකම් සිදුවෙන්නේ එහේ.. තානාපති කාර්යල සහ ලංකාවේ ආගමන විගමන නිලධාරීන් දැනුවත්ව, අල්ලස් ගන්න නිලධාරීන් ඉන්නකම් මේ රට හදන්න බැහැ. විශේෂ අධිකරණ 10 හෝ ඇතිකරලා නඩු ඉක්මණට අහලා මේ අල්ලස් ප්‍රශ්නය විසඳුවොත් ලංකාවේ ආර්ථිකය ලබන අවුරුදු කිහිපය තුළ 5% වැඩි වර්ධනයක් පෙන්නුම් කරාවි...
එතකොට හමුදා සොල්දාදුවන් අතුරුදහන් වුනේ නැද්ද?
ඇයි දැන් ඒ ගොල්ලෝ ඉන්න රටවලින් ලියුම් සල්ලි එවන්නේ නැද්ද? අපි නම් එහෙම කළා. ඉතිරිටික පසුව ලියන්නම්.