
(සිතුම් චතුරංග)
උතුරේ දෙමළ ජනතාවගේ මානව හිමිකම් කඩකරමින් සමරණ 73 වන නිදහස් දිනය දෙමළ ජනයාගේ ‘කළු දිනය ‘බව පවසමින්, ජාතික නිදහස් දිනයට හා සැමරුමට විරෝධය දක්වමින් වවුනියාව හා කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ අතුරුදහන්වූවන්ගේ ඥාතීහු අද(04) විරෝධතාවක නිරතවූහ.
කළු ඇඳුමින් සැරසී විරෝධය දැක්වූ අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පවසා සිටියේ සිංහල ජනතාව අභිමානයෙන් නිදහස සැමරුවද යුද සමයේ අතුරුදහන්වූ තමන්ගේ ඥාතීන් සොයාදීමටත් මානවහිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ මෙතෙක් ද්‍රවිඩ ජනතාවට සාධාරණයක් ඉටුකරදීමට කටයුතු නොකර ඇති බැවින් තමන් ඇතුළු ද්‍රවිඩ ජනතාව නිදහස් දිනය වර්ජනය කරන බවය.
වවුනියාව නගරයේ හා කිලිනොච්චිය නගරයේ ස්ථාන කිහිපයක නිදහස් දිනයට විරෝධය දක්වමින් කළුකොඩි ඔසවා විරෝධතාවයට සහයපලකොට තිබූණි.
පෙරේදා(03) දින සිට අද( 05) දින දක්වා උද්ඝේෂණ හා පෙළපාලි නොපවත්වන ලෙස වවුනියාව හා කිලිනොච්චිය මූලස්ථාන පොලිස් ස්ථානයන් විසින් දිසා අධිකරණයන්ගෙන් ලබාගෙන තිබූ වාරණ නියෝගද නොසලකාහරිමින් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් මෙම විරෝධතාවයන් සංවිධානය කර තිබිණ. කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විරෝධතාවය පලකරමින් කිලිනොච්චිය නගරයේ සිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දක්වා විරෝධතා පාගමනක්ද සංවිධානයකර තිබිණ.
විරෝධතාකරුවන් පවසා සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් ශ්‍රී ලංකාවට එවා මානව හිමිකම් උල්ලංඝණය වී ඇති බවට සඳහන් වාර්තාව පිළිගනිමින් උතුරේ සිදුවූ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් සොයාබලන ලෙසත්ය.යුද්ධයේදී අතුරුදහන්වූ සිය ඥාතීන් සොයාගැනීම සඳහා ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකිරීමට රජය ඉඩලබාදෙන ලෙසත් ඉල්ලමින් විරෝධතාවය දැක්වූහ.
වවුනියාව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පවසා සිටියේ තමන් බන්ධනාගාරගතකළද සිය අතුරුදහන්වූන්ගේ ඥාතීන් සොයාගන්නා තෙක් විරෝධතාවයන් පවත්වන බවයි.
විරෝධතාවයන් හේතුවෙන් වවුනියාව හා කිලිනොච්චිය නගරයේ පොලිස් ආරක්ෂාව තරකොට තිබිණ.
විරෝධතාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විනෝ නෝහාදාරලිංගම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් , හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු සිවිල් සංවිධාන රැසක් විරෝධතාවය සඳහා එක්ව සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ප්‍රභාකරන්ට කියන්න... නැතිනම් ඔය ඉන්න ඩයස් පෝරාවේ දෙමළ නායකයින්ට කියන අය තමයි මේවට වග කියන්න ඕනෑ.
දකුණේ සිංහල අය ඔහොම ගියා නම්...?
ඔබට අයිතියක් තියෙනවා ඔබේ ඥාතින්ව හොයාබලන්න. ඒ අයට පින් දෙන්න. සමරන්න. ඒ අයිතියට මම ගරු කරනවා.
අප මේ කිසිදු පැත්තකට බර නොවී මේ පවසන්නේ... රටේ මහජන ඡන්දයෙන් පත්වූ රජයක් පෙරළීමට නීතිවිරෝධී අරගල කරපු, අවි ආයුධ සන්නද්ධව ත්‍රස්තවාදී ක්‍රියාවන් වල නියැළුණු අයට ඒ ඒ රජයන් මගින් නිසි ක්‍රියාමාර්ග ගනු ලබනවා. එය සර්ව සාධාරණ නොවෙන්න පුළුවන්. ඒක වෙනම ප්‍රශ්නයක්. ඒත්, මේ කල්ලි රට වනසද්දි ඇස් කන් පියාගෙන රජයක් ඉඳීවිද? ඒ නිසා තමන් වපුරන දේ තමයි පෙරළා තමන්ට ලැබෙන්නේ... මේ දෙපාර්ශවයේ කුරීරු සටන් වලින් දෙපැත්තේම කිසිත් නොදත් අහිංසකයින් මියගියාද..? ඒ ගැන නම්, අප හට තියෙන්නේ දුකක්... මේ රටේ පැවැති කොළ රතු භීෂණයේදී මොනතරම් සිංහල ජීවිත අපේ ජාතියට නැතිවුණාද? එයට කොළ, රතු දෙපැත්තම කියන්නේ තම තමන් නිර්දෝෂ බවයි. එක් පැත්තක් නිර්දෝෂී වෙන්න එක්තරා චිත්‍රපටයකූත් යොදාගත්තා. ඒත් ඒ කොළ, රතු සටනෙන් මේ රටට අහිමි වූ වටිනා ජීවිත නැතිවීමට එම පාට දෙකේම අය එකසේ වගකිව යුතුයි. එය තමයි අමිහිරි සත්‍යය... මහා ජනසංහාර කොට ඒවා වීඩියෝ කොට ජාත්‍යන්තරයට යවා බොරු ප්‍රචාරය කෙරුණු හැටි අපට මතකයි. ඒ නිසා ජාත්‍යන්තරය නොමග ගිය අවස්ථා එමටයි. ඇමරිකාවට බින්ලාඩන් කෙතරම් හානියක් කළේද, ප්‍රභාකරන් මස් වැද්දා අප රටද ඊටත් වඩා හානියක් කළා. මේ විදෙස් අයද දත යුතුයි..
ප්‍රබාකරන් නමැති ම්ලේච්ඡයා විසින් ඝාතනය කරන ලද මිනිසුන්ගේ මානව හිමිකම් ගැන කතා නොකර අනිකාගේ මානව හිමිකම් කඩකිරීම් පිළිබඳව කතාකරන මෙවන් "ජාතිද්‍රෝහීන්‘‘ මරා දැමිය යුතුයි.
ඔය අතුරුදහන් වෙච්ච අහිංසකයින් පන්සල්වලට, පාසල්වලට, ගම්වලට, නගරවලට, බස්වලට පැනලා කැති ගාලා, වෙඩිතියලා, බෝම්බ අටවලා කරපු අහිංසක වැඩ නිසා හිතින් දුක් විඳින දසදහස් ගණන් අම්මලා තාත්තලා පාඩුවේ දරාගෙන ඉන්නවා. මොකද ඒ අය මේ රටේ ගිනි අවුලවන්න වැඩ කරන්නේ නැති නිසා පිටරටවලින් සල්ලි ලැබෙන්නෙත් නැහැ. පිටරටවල පුරවැසිකම් ලැබෙන්නෙත් නැහැ. ප්‍රචාරය දෙන්න කවුරුවත් හොයාගෙන එන්නෙත් නැහැ. ඒ විතරක් නෙවෙයි අපේ අම්මලා, තාත්තලා තමන්ගේ නැතිවෙච්ච අයව විකුණගෙන කන්න බලාගෙන අඬන්න දොඩන්න යන්නෙත් නැහැ. ඒක නිසා නුඹලාගේ බොරුවෙන් ලබන කාලකන්නි සතුටට වඩා නිහඬව ඉන්න අපේ එවුන් රටක් වටිනවා.
අර සිමෙන්ති කර්මාන්ත ශාලාවට යමු. දුම්රියේ හිටපු සිංහල මිනිස්සුන්ගේ පවුල්වල කට්ටියත් ඔය විදිහට කලු ඇඳලා විරෝධතාවයක් පවත්වලා පින්තූර ටිකක් දාන්නකෝ.... ප්‍රභාකරන්ලා අතුරුදන් කරපු හැටි පෙන්වන්න.
මේ පාර නම් පුතාණෝ ටිකක් හොඳට වැඩේ කරලා..
මේ සෙට් එක හිතන් ඉන්නේ ඔවුන්ගේ අය විතරයි අතුරුදන් කියලා. අපේ කොල්ලො දහස් ගානක් තාමත් අතුරුදන්. තාම ඒ අය දැක්කේ නෑ. මායිම් ගම්මාන වල මිනිස්සු අතුරුදන් වුනේ පවුල් පිටින්. එහෙව් අය වෙනුවෙන් අඬන්නවත් පවුලේ කෙනෙක් ඉතුරු වුනේ නෑ. මේ අයගේ නම් ඔය අතුරුදන් සෙට් එක හොයාගන්න තිබ්බා කැනඩාවේ, ස්විස්ටර්ලන්තයේ, එංගලන්තයේ එහෙම රවුමක් දාලා බැලුවා නම්....
මෙහෙ බොරුවට බෝඩ් උස්සගෙන ඉන්න එපා. ඒ ගොල්ලෝ පිටරට ඉඳලා සල්ලි එවනවනේ නේද?