අනීෂා මානගේ
රත්ගම බූස්ස ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් ඝාතනය කළේ යැයි කියන ව්‍යාපාරිකයන් දෙදෙනාගේ යැයි සැකකරන තවත් අස්ථි කොටස් කිහිපයක් වලස්මුල්ල හැවැන්දෙණිය රක්ෂිතයෙන් සොයා ගත් අතර වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් සුරංග මුණසිංහ මහතා අද (26) එම ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීය.
මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා ඉකුත් ජනවාරි 23 දින දකුණු පළාත් විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් පැහැරගෙන ගොස් ඝාතනය කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිදුකළ පරීක්ෂණ වලදී හෙළිවී තිබිණි.
මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර එම සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වූ කරුණු අනුව පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු වලස්මුල්ල මැදගම්ගොඩ සිට පිස්සුබැද්ද දක්වා වැටී ඇති මාර්ගයේ හැවැන්දෙණිය රක්ෂිතයේ තුන්මෝදර ඇළ මාර්ගයේ අතුරු ඇළ මාර්ගයක තිබී පිළිස්සුණු අස්ථි කොටස්, මාංශ කොටස් කිහිපයක් සහ දත් කොටස් කිහිපයක් ඉකුත්දා (22) සොයා ගත්හ.
ඝාතනයට ලක්වූ පුද්ගලයන්ගේ යැයි සැකකරන දිගින් සෙන්ටිමීටර එකත් හතරත් අතර ප්‍රමාණ වලින් යුතු අස්ථි කොටස් කිහිපයක් යළි සොයාගෙන තිබිණි. ඉකුත්දා සොයාගත් පිළිස්සුණු අස්ථි කොටස් හමුවූ ස්ථානයේ සිට මීටර 4 ක් පමණ දුරින් මෙම අස්ථි කොටස් කිහිපය තිබී සොයා ගෙන තිබේ.
ඝාතනය කළේ යැයි කියන ව්‍යාපාරිකයන් දෙදෙනා වලස්මුල්ල හැවැන්දෙණිය රක්ෂිතයේ සිඳී ගිය තුන්මෝදර ඇළ මාර්ගයේ දමා පුළුස්සා ඇතැයි පොලිස් නිලධාරීහු සැකකරයි.




2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අතුරුදන් ව්‍යාපාරිකයන් දෙදෙනාගේ තවත් අස්ථි කොටස්
Sumith Tuesday, 26 February 2019 12:02 PM
අහිංසකයෝ දෙන්නෙක්. ලංකාවම දුක් වෙනවා.