
(යොහාන් භාසුර)
නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාව තුළ ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී අනතුරට ලක්වූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිට අතුරුදන්වූ ධීවරයාගේ සිරුර අද (20) පෙරවරුවේ සොයාගත් බව නාවික හමුදාව පවසයි.
කෝවිලන් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු කළාපයේදී පසුගිය 18 වැනිදා අනතුරට ලක්වූ එම ධීවරයාගේ මළ සිරුර කන්කසන්තුරේ වරාය වෙත රැගෙන ගොස් කයිට්ස් අතිරේක මහේස්ත්‍රාත්වරියගේ සහභාගිත්වයෙන් මරණ පරීක්ෂණ පැවැත්වූ බවත් මළ සිරුර හඳුනා ගැනීම සඳහා නාවික හමුදාව විසින් මෙම අනතුරෙන් පසු මුදා ගන්නා ලද ඉන්දියානු ධීවරයින් දෙදෙනා කන්කසන්තුරය වරායට රැගෙන ආ බවත් නාවික හමුදාව කියයි.
හදිසි මරණ පරීක්ෂණයෙන් පසුව අතිරේක මහේස්ත්‍රාත්වරියගේ නියෝගය මත ඉදිරි නීතිමය කටයුතු සඳහා මළ සිරුර යාපනය ශික්ෂණ රෝහල යොමු කළ බවත් නාවික හමුදාව වැඩි දුරටත් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි ලොකුවට ජාතික ආරක්ෂාව ගැන කියනවා අල්ලපු රටෙන් ධීවරයෝ ඇවිත් තමන්ගේ රටේ නීති විරෝධීව මාළු අල්ලන එක නතර කරන්න බැහැ