IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


’අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වැඩිකිරීමේ තීරණයක් නෑ’

(ඩයනා උදයංගනී)

කිරිපිටි, ගෑස්, සහල් වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වැඩිකිරීමේ තීරණයක් රජය ගෙන නැතැයි සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

නමුත් ලෝකයේ පවතින භාණ්ඩ මිල ගණන් සහ සැපයුම් පිළිබඳ අර්බුදයත්, ශ්‍රී ලංකාව තුළ ඩොලරය ඉහළ යාමත් හේතුවෙන් ඉදිරියේදී යම් යම් තීන්දු තීරණවලට එළඹීමට සිදු විය හැකි බව ද ඇමතිවරයා සඳහන් කළේය.

ඇමති රමේෂ් පතිරණ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.  

මීට පෙර එක්තරා ගෑස් සමාගමක් ගෑස් මිල ඉහළ දැමීමට රජයෙන් ඉල්ලීම් කළ අවස්ථාවේ රජය එයට ඉඩනොදීමෙන් පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවයකට පත් වූ බව කී අමාත්‍යවරයා, පාරිභෝගිකයා සහ සැපයුම්කරුවා යන දෙපාර්ශ්වයම ආරක්ෂා කරගැනීම සඳහා මධ්‍යස්ථ තීන්දු ගැනීමට රජය කටයුතු කරන බව ද කීවේය.



අදහස් (8)

’අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වැඩිකිරීමේ තීරණයක් නෑ’

Anura kumara Wednesday, 22 September 2021 04:41 PM

වැඩිකලත් ජනතාව මොනවා කරන්නද .අවශ්‍ය දෙය අඩු ප්‍රමාණයක්වත් ගන්න වෙනවා ජීවිතේ ගැට ගහගන්න .

:       0       5

මාම Wednesday, 22 September 2021 05:27 PM

මෙයා කියනව වැඩි කරන්නෙ නැ කියල,අලගියවැන්න කියනව , සිමෙන්ති, කිරිපිටි වැඩිකරනව කියල , මොනවද මෙි අපප්බ්‍රංස.ආරංචි හැටියට හාල්මැස්සො අතුලු කන බඩුවල මිල දැනටමත් වැඩිකරල.ඔන්න අපිර ලැබිච්ච සව්භාග්‍ය.

:       0       4

Kumara Wednesday, 22 September 2021 05:43 PM

එහෙනම් ශුවර් එකටම වැඩිවේවි... මේ රටේ කියපුවා නෙමෙයි වෙන්නේ...

:       0       3

kapila Wednesday, 22 September 2021 06:07 PM

අලගියවන්න කියනවා මිල වැඩි කරනවා කියලා. මුලගියවන්න කියනවා වැඩි කරන්නේ නෑලු. කවුද හරි? මහජනයා අමාරුවේ දාන්නේ නැතිව ඇත්ත කියමු...

:       0       3

Sk Wednesday, 22 September 2021 07:19 PM

මේගොල්ලෝ කියන දේවල් කව්ද පිළිගන්නේ. කොහොමත් බඩු මිල වැඩි වනවා

:       0       2

fairoos Wednesday, 22 September 2021 07:21 PM

කොහොමද කෑම ?දැන් සැපද ?කෝ බයියෝ කන්න නැතුව මැරිලද ?

:       0       2

Liyanage Thursday, 23 September 2021 10:31 AM

කඩේ යන හැටි දැක්කම එපා වෙනවා.

:       0       2

L.G.P.Jathunarachchi, Thursday, 23 September 2021 02:49 PM

තවමත් නෑ !!!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 642 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site