IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


අත්‍යවශ්‍ය ඖෂධ ගන්න භාණ්ඩාගාරයෙන් කෝටි 100ක්

පිළිකා රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය ඖෂධ ඇතුළුව අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා භාණ්ඩාගාරය රුපියල් කෝටි සියයක මුදලක් වෙන් කර ඇත. 

ඒ අනුව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 500ක මුදලක් ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට රුපියල් මිලියන 500ක මුදලක් ද වෙන් කර ඇත. 

ඖෂධ හිඟය නිසා පිළිකා රෝගීන්ගෙන් බොහෝ දෙනකු ප‍්‍රතිකාර නොමැතිව පීඩාවට පත්ව ඇති බව සන්ඬේ ටයිම්ස් පුවත්පත පසුගිය සතියේදී වාර්තා කර තිබිණි. 

එම පුවත් වාර්තාව වැරැුදි යැයි කැබිනට් මණ්ඩල හමුවේදී සෞඛ්‍ය අමාත්‍ය රාජිත  සේනාරත්න මහතා පවසා ඇත. 

කෙසේ නමුත් ඖෂධ හිඟය දිගටම පැවැතුණු බවත් ඒ හේතුවෙන් ඇති වූ අර්බුදය විසඳී රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම් යනාදිය යථා තත්ත්වයට පත්වීම සති කිහිපයක් ගත වනු ඇති බවත් බලධාරීහු කීහ. 

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නිල සංචාරයක් සඳහා විදෙස් ගත වී සිටි අතර ඔහු නැවත පැමිණීමෙන් අනතුරුව භාණ්ඩාගාරයේ නිලධාරීන් හමු වී සාකච්ඡුා පැවැත්වූ බවත් ඉන් අනතුරුව භාණ්ඩාගාරයට අදාළ මුදල් නිදහස් කළ බවත් වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය මහතා පැවැසීය. 

මෙලෙස මුදල් ලැබීම නිසා මාසයකට ප‍්‍රමාණවත් ඖෂධ ලබාගැනීමට හැකි බව ද වෛද්‍ය පනාපිටිය මහතා කීවේය. 

කෙසේ නමුත් මීට පෙර කළ මිලදී ගැනීම් වෙනුවෙන් භාණ්ඩාගාරය රාජ්‍ය ඖෂධ සංස්ථාවට රුපියල් බිලියන 4ක මුදලක් දිය යුතු බවත් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවට සහ තවත් ආයතනකට රුපියල් බිලියනයක මුදලක් ලබා දිය යුතු බවත් හෙතෙම අනාවරණය කළේය. 

භාණ්ඩාගාරයේ ඇතැම් අංශවල හා කටයුතුවල ඇති ප‍්‍රමාදය නිසා එලෙස රාජ්‍ය ආයතනවලට භාණ්ඩාගාරයෙන් මුදල් ලැබීම ප‍්‍රමාද වී තිබෙන අතර එම නිසා අත්‍යවශ්‍ය ඖෂධ ලබාගැනීම ප‍්‍රමාද වී තිබේ.

දින 52 දේශපාලන අර්බුදය නිසාත් ඒ හේතුවෙන් ටෙන්ඩර් මණ්ඩලවලට නිලධාරීන් පත් කිරීමට නොහැකි වීම නිසාත් ඖෂධ මිලදී ගැනීමට හා සැපයුම් කිරීමට නොහැකි වූ බව වෛද්‍ය පනාපිටිය මහතා කීවේය. 

මුදල් නිදහස් කිරීමේදී භාණ්ඩාගාරයේ ප‍්‍රමාද තිබෙන බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය. එමෙන්ම එක්සත් ජනපද ඩොලර් බිලියනයක ණය මුදලක් ගෙවීමට තිබීමත් දින 52 දේශපාලන අර්බුදයත් එලෙස මුදල් නිදහස් කිරීමේ දී ඇති වූ අර්බුදයට හේතු වූ බව හෙතෙම කීවේය. 

හෙට වනවිට රුපියල් බිලියනයක මුදලක් ලැබෙනු ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති මොහොමඞ් රූමී මහතා කීවේය. ඉදිරියේදී අත්‍යවශ්‍ය ඖෂධවල කිසිදු හිඟයක් සිදු නොවිය යුතු යැයි සෞඛ්‍ය අමාත්‍යාවරයා උපදෙස් දුන් බව හෙතෙම කීය. 

මේ අතර පසුගිය සතියේ සන්ඬේ ටයිම්ස් පුවත්පතේ පළවූ ලිපිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ප‍්‍රතිචාර දැක්වීය. 

හිඟ වී ඇත්තේ පොදුවේ භාවිත කරන ඖෂධ 75කින් 17ක් පමණක් යැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. එයින් ඖෂධ වර්ග හයක තොග පැමිණි බවත් එම ඖෂධ මහරගම ‘‘අපේක්ෂා’’ රෝහලට යැවීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කඩිනමින් පියවර ගත් බව ද අමාත්‍යාංශය සඳහන් කළේය. ඊට අමතරව අනෙකුත් පිළිකා රෝගීන්ට ප‍්‍රතිකාර කරන මධ්‍යස්ථානවලට ඖෂධ යැවීමට පියවර ගත් බව ද අමාත්‍යාංශය සඳහන් කළේය. ඊට අමතරව දැනට හිඟව තිබෙන ඖෂධ ගෙන්වීමට පියවර ගන්නා බව ද අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කළේය. 

සන්ඩේ ටයිම්ස් ඇසුරිනි

055



අදහස් (0)

අත්‍යවශ්‍ය ඖෂධ ගන්න භාණ්ඩාගාරයෙන් කෝටි 100ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29999 30


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12138 7

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10893 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 760 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 229 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 881 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site