(තරිඳු ජයවර්ධන)
මැතිවරණ නීති උල්ලංඝණය කරමින් එක්තරා දේශපාලන පක්ෂයක ඡන්ද සලකුණ මුද්‍රණය කරන ලද අත්පත්‍රිකා තොගයක් ඡන්ද මධ්‍යස්ථානයක් අසල තබාගෙන සිටි බව කියන සැකකරුවකු අත්අඩංගුවට ගත් බව බලංගොඩ පොලිසිය කියයි.
සෙන්ටිමීටර 2 x 9 ප්‍රමාණයේ අත්පත්‍රිකා 348ක් මෙම සැකකරු සන්තකයේ තිබී සොයා ගත් බව පොලිසිය පවසයි.
අවුරුදු 26ක් වයසැති මෙම සැකකරු බලංගොඩ වටවල ශ්‍රී අග්බෝධි විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය අසලදී අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.
සැකකරු අද බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd