IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අතීතයටත් බලපාන පරිදි සහකාර පොලිස් අධිකාරීට උසස්වීමක්

(හර්ෂණ තුෂාර සිල්වා)

කිලිනොච්චිය සහකාර පොලිස් අධිකාරී ලෙස කටයුතු කරන සහකාර පොලිස් අධිකාරී කේ ඒ ජේ කුඩිතුවක්කු මහතා පොලිස් අධිකාරී නිලයට උසස් කිරීම සඳහා අද (29) රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව අනුමැතිය ලබා දුන් බව පොලිස් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි. 
 
2016 ජනවාරි පළමු වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි  පොලිස් අධිකාරී නිලයට උසස්වීම ලබා දී ඇතැයි ද කොමිසම සඳහන් කරයි.
 
සහකාර පොලිස් අධිකාරී කේ ඒ ජේ කොඩිතුවක්කු මහතා පොලිස් අධිකාරී නිලයට පත් නොකිරීම සම්බන්ධයෙන් ඒ මහතා පොලිස්පතිවරයාට හා ජාතික පොලිස් කොමිෂන් සභාවට අභියාචනයක් කර තිබුණු බවත්, එය සැලකිල්ලට ගනිමින් ඒ මහතා පොලිස් අධිකාරී නිලයට උසස් කිරීම පොලිස්පතිවරයා අනුමත කර නීතිය හා සාමය අමාත්‍යංශය හරහා ජාතික පොලිස් කොමිෂන් සභාවට එවා තිබුණු බවත් පොලිසිය පවසයි.
 
ඒ අනුව අද (29) රැස්වූ ජාතික පොලිස් කොමිසම එම උසස්වීම අනුමත කර තිබේ.
 
කොළඹ පොලිස් මූලස්ථානයේ පාතාල මර්දන ඒකකයේ ස්ථානාධිපති ලෙස මෙන්ම පොලිස් ස්ථාන ගණනාවක ස්ථානාධිපති ලෙස සේවය කර ඇති ඒ මහතා මතුගම, ගම්පහ, ත්‍රිකුණාමලය සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවලට අනියුක්තව සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස කටයුතු කර තිබෙන බවත්, පාතල මර්දන රාජකාරියේ යෙදී සිටිය දී ඒ මහතා වෙඩි ප්‍රහාරයකලට ලක්වූ අවස්ථාවක්ද තිබෙන බවත් පොලිස් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි.



අදහස් (0)

අතීතයටත් බලපාන පරිදි සහකාර පොලිස් අධිකාරීට උසස්වීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site