(දයාරත්න ඇඹෝගම)
අන්තවාදී ආගමික සංවිධානයක දේශන ඇතුළත් සංයුක්ත තැටි සන්තකයේ තබාගත්තැයි අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතික මාධ්‍යවේදීයා මැයි 25 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් කේ.එම්.ජේ.පි.සමරසිංහ මහතා අද (13) නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුයේ අනුරාධපුර ධර්මපාල මාවතේ පදිංචි මහරුෆ් මොහොමඩ් රිස්වි (58) නැමති මාධ්‍යවේදියෙකි.
යුද හමුදාව සහ පොලිසිය එක්ව පසුගිය 12 වැනි දා අනුරාධපුර උදය මාවතේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී නිවසේ සඟවා තිබූ සංයුක්ත තැටි 326 ක් සමඟ මොහු අත්අඩංගුවට ගැණිනි.
සැකකාර මාධ්‍යවේදියා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd