IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා විමල් හමුවෙන්නත් ගිහින්

නාලක සංජීව දහනායක
 
ජනාධිපතිවරයා, හිටපු ජනාධිපතිවරයා හා හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා තමන් මුණගැසීමට තම නිවසට හා කාර්යාලයට පැමිණි බව ජාතික නිදහස් පෙරමුණේ නායක හා කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අද  (17) පැවසීය.


එහෙත් එම අවස්ථාවලදී තමන් නිවසේ නොසිටි බැවින් ඔහු නිවස තුළට ගෙන නැතැයිද එහෙත් තමන් මුණගැසිය යුතු බව සඳහන් කරමින් ඔහු නිවස ඉදිරිපිට රැදී ඇතැයිද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය. 


එම ඉන්දීය ජාතිකයා ඉන්දීය රෝ ඔත්තුකරුවකු බවට මේවනවිට තොරතුරු අණාවරණය වී ඇති බවත් රාජේන්ද්‍ර කුමාර් යනුවෙන් ඔහු සංවිධානය තුළ හඳුන්වන බවත් ඔහුට ආර්.බී 317217/වී.ජේ දරණ අංකයෙන් යුතු හැඳුනුම්පතක් ද රෝ සංවිධානය නිකුත් කර තිබූ බවද කී මන්ත‍්‍රීවරයා කීය.


දේශපාලන රැකවරණ ලබාගැනීම සඳහා බව පවසමින් 2015 ජනාධිපතිවරණයට පෙර ඔහු මෙරටට පැමිණ ඇතැයිද සඳහන් කළ මන්ත‍්‍රීවරයා රෝ ඔත්තු සේවයෙන් ලැබුණ මුදලින් ඔහු ලංකාවේ ජීවත් ව ඇති බවද වීරවංශ මන්ත‍්‍රීවරයා පැවසීය.


ඒකාබද්ධ විපක්‍ෂය බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ අද (17) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.



අදහස් (10)

අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා විමල් හමුවෙන්නත් ගිහින්

chathuri Wednesday, 17 October 2018 12:23 PM

ඔබට කියලා පාස් පෝර්ට් එකක්... හදාගෙන නැවතී ඉන්න... රජයේ නිවසක් ලබාගන්න එන්න ඇති.... ඒවගේ දේවල් කරන්නේ හොරෙන්නේ...

:       816       1206

රවින් Wednesday, 17 October 2018 12:30 PM

පිස්සන් කොහොමත් පිස්සන් කොටුතියන පැතිවල බහුලව දකින්න පුළුවන්...

:       573       764

saliya Wednesday, 17 October 2018 12:43 PM

ප්‍රභූ ලැයිස්තුවේ මෙතුමාගේ නමත් ඉහළින් තිබුණු බවක්ද මේ කියන්නේ?

:       800       1049

rocky Wednesday, 17 October 2018 12:56 PM

හොර පාස්පෝර්ට් විශේෂඥයෙක් බව ඉන්දියාවටත් ආරංචි වෙලාද? බිස්නස් එක හොඳට යනවා වගෙයි!

:       1304       965

erdi Wednesday, 17 October 2018 02:48 PM

ලොකු මිනිහෙක් නෙව හම්බවෙන්න ඇවිල්ල තියෙන්නේ. සමහරවිට ඉන්දියානුවන්ගේ බිස්නස් එකකටත් වෙන්න බැරි නැහැ... අනිත් අයත් බොරු කියමින් පුවත් මවන කාලේ මේයත් ටොම් පචයක්...

:       702       181

Amila Wednesday, 17 October 2018 02:58 PM

එක්කෝ පාස්පොර්ට් එකක් හදාගන්න අාවා වෙන්න ඇති... එහෙම නැත්තම් නෝනා බලන්න අාවද දන්නේ නෑ නේ...

:       669       1154

Sayimon Thursday, 18 October 2018 12:33 AM

පාස්පෝට් ලංකාවේ ඉන්දීය කොමසාරිස් කාර්යාලයෙන් ගන්න පුලුවන්.............

:       0       2

සුරංග Wednesday, 17 October 2018 03:13 PM

ඉන්දියානුවෝ හරක් මස් කන්නෙ නෑනේ...

:       472       523

ShanThursday, 18 October 2018 06:15 AM

මසුරන් කියමන.

:       0       1

buddika Wednesday, 17 October 2018 07:03 PM

ගෙවල් පැත්තේ කරක් ගහනවා කියන්නේ ඉතින් ම්ම්ම් හිතන්න දේකුත් නැත්තේම නැහැ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 667 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site