(ජයන්ත සමරකෝන්)
කොළඹ දිස්ත්‍රික්කය තුළ අඩු බර පාන් (ග්‍රෑම් 450ට අඩු) අලෙවිකරන, අලෙවිසල් හා බේකරි දෛනිකව වැටලීමේ මහා මෙහෙයුමක් අද(11) සිට ආරම්භ කරන බව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.
ග්‍රෑම් 450ට අඩු බර පාන් අලෙවිය සපුරා තහනම් වුවද වෙළෙඳපොළේ ඊට අඩු බරින් යුතු පාන් අලෙවිය මහා පරිමාණයෙන් සිදුවන බවට ලැබෙන පාරිභෝගික පැමිණිලි මත මෙම තීරණය ගත් බවද, කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා ‘ලංකාදීප’යට අද පැවැසීය.
2019 වසර තුළ මෙවැනි වැටලීම් 5ක් පමණක් සිදුකර ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරයා මෙම වැටලීම් දිස්ත්‍රික්කය පුරා අඛණ්ඩව සිදුකර වැරදිකරුවන් නීතිය හමුවට පමුණුවන බවද සඳහන් කළේය.
මීට අමතරව, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන මිනුම් ඒකක ප්‍රමිති හා සේවා ඒකකයට අයත් වැටලීම් කණ්ඩායම් යොදවා සෑම මාසයකට ම වරක් වැටලීම් 8ක් සිදුකර වාර්තා කැඳවීමට බලාපොරොත්තු වන බවද ඔහු කීය.
මේ පිළිබඳ සියලුම පැමිණිලි අංක 0112369134 යන දුරකතනයට යොමුකරන ලෙසත්, සෑම පැමිණිල්ලක් සම්බන්ධයෙන් ම එම අවස්ථාවේදී ම ක්‍රියාත්මක වන බවත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කියයි.
2025 දෙසැම්බර් මස 18
345
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1005
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අඩු බර පාන් අලෙවිකරන බේකරි වැටලීමේ මෙහෙයුමක් අද සිට
kamal koyrala Wednesday, 11 March 2020 02:40 PM
කොළඹ දිස්ත්‍රික්කය තුළ අඩු බර පාන් (ග්‍රෑම් 450ට අඩු) අලෙවිකරන, අලෙවිසල් හා බේකරි දෛනිකව වැටලීමේ මහා මෙහෙයුමක් අද (11) සිට ආරම්භ කරන බව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි. ස්තුතියි කලින් දැනුම් දීම ගැන, මේ ටිකේ ග්‍රෑම් 450ට දෙන්න වගබලා ගන්නම්..