ජයන්ත සමරකෝන්
කොළඹ මහනගර සභාව රුපියල් ලක්ෂ 2000 ක වියදමින් දරා 2016 වසරේ ඉදිකරන ලද පැරඩයිස් නිවාස යෝජනා ක්‍රමයට අයත් (ඩෝබි වත්ත) නිවාස 64 ක් අතරින් 42 ක් එම අඩු ආදායම් ලාභී පවුල් අතර බෙදා දී ඉතිරි නිවාස 22 නාගරික මන්ත්‍රීවරුන් විසින් තම හිතවතුන්ට ලබාදී ඇති බවට පැමිණිලි ලැබී ඇතැයි කොළඹ මහනගර සභා ආරංචි මාර්ග අනාවරණය කරයි.
ඒ අනුව නිවාස ලාභීන් 22 දෙනෙකුගේ ලැයිස්තුවක් නගරාධිපතිනිය විසින් මේ වන විට පුණ්‍ය කොමසාරිස් වෙත යවා ඔවුන් අඩු ආදායම්ලාභී ස්ථීර නිවාස නොමැති අයද යන්න පරීක්ෂා කර නිර්දේශ ලබාදෙන ලෙස ඉල්ලා ඇත.
මේ අතර එක් නාගරික මන්ත්‍රීවරියක විසින් තම ඥාතීන් හා හිතවතුන් සඳහා එම නිවාස 5 ක්ම වෙන්කර ගෙන ඇතැයි ද දැනගන්නට තිබේ.
මේ පිළිබඳව ලැබුණු පැමිණිල්ලක් මත බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්.මුසම්මිල් මහතා විසින් අදාළ නිවාස 22 බෙදාදීම අත්හිටුවා ඒවා ලබාදෙන්නේ කුමන පදනමක් මතද යන්න පිළිබඳව වාර්තාවක් කැඳවා තිබේ.
2025 දෙසැම්බර් මස 04
300
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
417
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
393
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අඩු ආදායම් ලාභීන්ට දෙන්න හැදූ ගෙවල් වලින් 22 ක් හිතවතුන්ට දීලා
ajith Wednesday, 10 July 2019 09:01 AM
සජිත් කරන්නෙත් මේකම තමයි. ජනතාවගේ බදු මුදල් වලින් ගෙවල් හදලාදීලා ඡන්ද වැඩිකර ගන්නවා...
Bishan Wednesday, 10 July 2019 11:52 AM
අවුරුදු 70ක් තිස්සේ වෙන්නේ ඕක තමයි මිත්‍රයා.
shan Wednesday, 10 July 2019 03:45 PM
මේක මිලියන දෙක හන්දා පොඩි ගාණක් කියලා හිතලා හිතවතුන්ටත් ටිකක් දෙන්න ඇති... පසුගිය කාලේ 80% දුන්නේ හිතවතුන්ටනේ..