
(ඩයනා උදයංගනී)
දිවයිනට ගිනිකොණ දෙසින් පැවැති අඩු පීඩන කලාපය මේ වන විට දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
එම අඩුපීඩන තවදුරටත් දිවයිනෙන් බැහැරව නැගෙනහිර දෙසට ගමන් කරනු ඇත.
උතුරු,උතුරු මැද, සහ නැගෙනහිර පළාත්වලත් පුත්තලම දිස්ත්‍රිකයෙත් විටින් විට වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස්කාලයේදී හෝ රාත්‍රීකාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි.
උතුරු,උතුරු මැද සහ සබරගමුව පළාත්වලත් පුත්තලම,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැමි ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක් තද වැසිද ඇතිවිය හැකි.
COMMENTS