IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අඟුණකොළපැලැස්ස සිද්ධිය ගැන පරීක්ෂණ ඉල්ලා පෙත්සමක්

(තිළිණි ද සිල්වා  සහ  රංජන් කටුගම්පොළ)

 

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තුළ රඳවා සිටි රැඳවියන්ට පහර දී වධහිංසාවලට භාජනය කිරීමේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට නියෝග කරන්නැයි ඉල්ලා සිරකරුවන් සුරැකීමේ සංවිධානයේ ලේකම් සුදේශ් නන්දිමාල් ද සිල්වා මහතා විසින් අද (22) අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කරන ලදී.

එහි වගඋත්තරකරුවන් ලෙස අධිකරණ අමාත්‍ය  තලතා අතුකෝරාල, පොලිස්පතිවරයා, රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා, අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය අධිකාරීවරයා සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු අට දෙනෙකු නම් කර තිබේ.

නීතීඥ සේනක පෙරේරා මහතා විසින් ගොනු කර ඇති පෙත්සමේ මෙසේ ද සඳහන් වේ.

අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය තුළ රඳවා සිටි සිරකරුවන්ට විවිධ වධ හිංසා කිරීමේ සිද්ධිය පිළිබඳ සී.ඩී.තැටිය පෙත්සම්කරුගේ සංවිධානයට ලැබිණි. ඉන්පසු ඒ පිළිබඳව පෙත්සම්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළේය. පසුව මේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම කමිටුවක් පත්කර ඇති බවද දැනගන්නට ලැබිණි.

එහෙත් මෙතෙක් කිසිදු පියවරක් ඉටු වී නැත.

එබැවින් අදාළ සිද්ධිය පිළිබඳ පුළුල් පරීක්ෂණ පවත්වන ලෙස පොලිස්පති ඇතුළු වගඋත්තරකරුවන්ට රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.



අදහස් (0)

අඟුණකොළපැලැස්ස සිද්ධිය ගැන පරීක්ෂණ ඉල්ලා පෙත්සමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site