අඟුණකොලපෑලැස්ස ප්‍රාදේශිය සභාවේ සභිකයකු බව කියන පුද්ලයකු ඇතුලු පිරිසක ගේ පහරකෑමට ලක් වූ අඟුණකොලපෑලැස්ස බන්ධනාගාරයේ නියාමකවරුන් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා තංගල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි අඟුණකොලපෑලැස්ස පොලිසිය කියයි.
පහරකෑමට ලක් වූ බව කියන නියාමකවරුන් දෙදෙනා කිසියම් අවශ්‍යතාවයක් සඳහා අඟුණකොලපැලැස්ස නගරයට ගොස් සිටියදි මෙම සිද්ධියට මුහුණ දී ඇත.
නියාමකවරුන් දෙදෙනා තුවාල සහිතව නේවාසිකාගරයට පැමිණිමෙන් පසු අනෙක් නිලධාරින් තුවාල කරුවන් රෝහල්ගත කර සිද්ධිය පොලිසියට පැමිණිලි කර ඇත.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගැනිම සඳහා අඟුණකොලපැලැස්ස පොලිසිය පරික්ෂණ ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෙලර් ගාඩ් නෙවෙයි බන්ධනාගාර නියාමකවරු.