(තිළිණි ද සිල්වා)
අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතාට ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් එම කොමිසන් සභාව විසින් නොතීසි නිකුත් කරනු ලැබ ඇත.
ඒ අනුව ලබන 27 වැනිදා පෙරවරු 09.00 ට එම කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටින ලෙස අග්‍රාමාත්‍ය ලේකම්වරයාට දැනුම්දී ඇති බව එහි ප්‍රකාශකයෙකු පැවසීය.
කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලට අදාළව සිදුකෙරෙන විමර්ශන සඳහා කරුණු විමසීමට සමන් ඒකනායක මහතා ජනාධිපති කොමිසන් සභාවේ පොලිස් ඒකකයට කැඳවා ඇත.
අදාල ගොඩනැගිල්ල බදු ගිවිසුමක් මත කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාම සඳහා ගෙන ඇති අතර ඊට අදාල කැබිනට් පත්‍රිකාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩල වෙත ඉදිරිපත් කළ බවට එම පැමිණිලි විභාගයේදී කොමිසම හමුවේදී අනාවරණය වී ඇත.
ඒ අනුව අදාල කැබිනට් පත්‍රිකාවේ ඇතුළත් කරුණු හා ඊට අදාළ ලිපිගොනු ජනාධිපති කොමිසම වෙත ඉදිරිපත් කරන ලෙස ද අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා වෙත දැනුම්දී ඇති බව එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊළඟ රජයක් යටතේ ජනාධිපති කොමිසම් ගැනද පරීක්ෂණයක් කළයුතුයි. මොකද මහජන මුදල් නාස්තිකරමින් මේ තාක් පත්කරපු කිසිම කමිටුවකින් මෙලෝ දෙයක් කරලා නෑ. කොමිසම්වලින් මහ බැංකු හොරු ඇල්ලුවේත් නෑ, ගිය ආණ්ඩුවේ හොරු ඇල්ලුවේත් නෑ.