(නිමල කොඩිතුවක්ක
ශ්‍රී ලංකාවට හඳුන්වාදෙන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට වත්මන් ව්‍යවස්ථාවේ නමවැනි වගන්තිය ලෙස ඇතුළත් කර තිබෙන බෞද්ධාගමට ප‍්‍රමුඛස්ථානය හිමිවන බවට සදහන් පර්ච්ජේදයේ කිසිදු වෙනසක් නොකිරිමට අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා ප‍්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ නායකයෝ ඒකමතිකව තීරණය කර සිටිති.
ඊට අමතරව ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් යන හැදින්වීම සිංහල, දෙමළ සහ ඉංග‍්‍රීසි භාෂා තුනෙන්ම නිකුත් කෙරෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් සඳහා පැහැදිලිවම ඇතුළත් කිරීමට ද අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවේදී එක්සත් ජාතික පෙරමුණේ නායකයෝ තීරණය කරනු ලැබූහ.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂ නායකයින් අතර කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැති විශේෂ සාකච්ඡාවෙන් පසුව මෙම තීරණ ගෙන තිබේ.
යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ සමග මුලින්ම සාකච්ඡා ඇරඹීමට රජය අදහස් කර සිටී.
COMMENTS
ඉතා හොඳයි. හදපු පිරිස සමගම මුලින් සාකච්ඡා කරන්න.
නොබෙදිය හැකි ඒකීය රාජ්‍යයක් කියලා නේද කලින් කිව්වේ?
ශේප් එකයි පාරයි දෙකම ඕනේ නැහැ... ඔක්කෝටම ඉස්සෙල්ලා කියන්නකෝ මොනවද අලුතෙන් ඇතුළත් කරන්න යන්නේ සහ තියෙන ව්‍යවස්ථාවේ කරන වෙනස්කම් මොනවද කියලා...
හලෝ කාවද මේ ගොනාට අන්දන්නේ? අපි එජාපයෝ නොවෙයි ඔය අංතට්ටුව දාගන්න. 75% සිටින බුද්ධාගමට හිමිතැන නැතිකිරීමට කොහොමත් ඔබට බැරිය. සුළු ආගම් බුද්ධාගමට හිමි ස්ථානයට ගෙනාවොත් බුද්ධාගමට හිමි තැන මොකක්ද හලෝ? ඔය වැදිබණ එජාපයින්ටම කියන්න.
හලෝ ඔය ව්‍යවස්ථා සංශෝධනයෙන් රකින්න හදන්නේ බුද්ධාගම විතරක්ද? එතකොට ලංකාවේ පොලිස් බලතල ඉඩම් බලතල සුළු ජාතීන්ට බෙදීයාම, සිංහලයා "ශ්‍රී ලාංකික" කියා දියාරු වීම, රට ෆෙඩරල් වීම, ඔබවැනි දේශපාලකයෙකුට අසීමිත බලයක් ලැබීම, ඒගැන මොනවාද කියන්නේ?
එජාප නායකයින් කැමති වුණා කියන්නේ රටේ ජනතාව කැමැති වුනා කියන එක නොවේ. එජාප කාරයෝ ඉන්නවාද නිදහස් අදහස් ප්‍රකාශ කරනවුන්? සද්දෙන් ඡන්දෙන් විමසනවා නම් කටින් සද්දේ දායි.
බෞද්ධාගමට ප‍්‍රමුඛස්ථානය පෙන්නලා යටින් ලොකු ගේමක් ගහන්න වගේ ලෑස්තිය.
රට බෙදනවා... බුදුදහමට ප්‍රමුඛත්වය නෑ කියලා බොරු ප්‍රචාර කරන අයට දැනගන්න මේ තීරණය ප්‍රකාශ කළ එක හොඳයි.
සුත්තර පුංචාව සත පහකට විශ්වාස කළ නොහැක. ස්ථිර වශයෙන්ම මෙහි අප රටට හානිකරන සැගවුණු වාක්‍යයන් අතොරක් ඇති බවනම් කිව හැක. මොකද මේ බෝබිලා දකුණට හැරෙනවා කිව්වොත් වමට හැරෙනවාමයි. බටහිරෙන් කිව්වොත් නානතුවාය ඇඳගෙන ගෝල්ෆේස් එකේ ඔලුවෙන් හිටගෙන ඉඳපන් කියලා අනිවාර්යෙන්ම ඔලුවෙන් හිටගන්නවාමයි තුවාය ඇඳගෙන..එතරම් බටහිර ගැත්තෙකි.
බොරු නම් කියන්න එපා අපිව රවට්ටන්න. එජාපයේ කොහෙද රනිල් ඇතුළු නායකයෝ ඉන්නේ? එ්ක වන් මෑන් ෂෝ පක්ෂයක්නේ? ඔය නායකයෝ කියන හැමෝම පත් කරන්නේ අර එකම නායකයා විසින්. එය කියන හැම එකටම එහෙයි නොකියන අය ඒ පුටුවලට ගන්නේ නැහැ. අන්තිමේ අර එයාලගෙම කට්ටියට අපේ ඡන්දෙ අරන් ජනතා නියෝජිතයෝ කියනවා වගේ, එයාටම කැමති කට්ටිය දාගෙන අත උස්සවාගෙන සියලුම නායකයන්ගේ එ්ක වෙච්චදෙන් කියනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හදන්නෙත් ඒ ගොල්ලෝ, ඒ ගැන මුලින්ම සාකච්ඡා කරන්න යන්නේ පාර්ලිමේන්තුවේ අඩුම ඡන්ද ගානක් ගත්තු පක්ෂ එක්කළා... ජනතාව කැලේ...
රට පෙරට කියලා ලියනවා කෙනෙක්... කව්ද ඒ?
තවත් රනිල්ගේ ගැටයක් විතරයි.
සූත්තර පුංචා හෙවත් පුටුව ඉදිරියේ කරකැවෙන මෝඩ චූන්...
මේකට ඇත උස්සන අය ගම රටට වැද්දා නොගැනීමට බහුතර ජනතාව වග බලාගනු ඇත....
දෙමළ සංධානය යනු හිටපු ත්‍රස්තවාදී කණ්ඩායමේ දේශපාලන අංශයයි, විවිධ ක්‍රමවලින් කැරකිලා ආවත් නිජබිම් සංකල්පය ලැබෙන වැඩපිළිවලක් තමයි අවසානයට ලැබෙන්නේ... යුධමය වශයෙන් කරගැනීමට නොහැකි වූ නිජබිම් සංකල්පය ඉතාම පහසුවෙන් ඉතා සූක්ෂම ලෙස ක්‍රීඩා කරන ආසියාවේ සුපිරි මොලකරු හරහා ලැබෙනු ඇත. වර්තමාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නොගැලපෙන අය දකුණු ඉන්දියාවට පිටුවහල් කරන ජාතියේ නිර්භීත නායකත්වයක් රටට නොමැතිවීම කණගාටුවකි..
කියපු තරම් වැඩ නැහැනේ.. 7 ගැලවුණොත් ආයිත් සුනාමිනේ...
නව වසරේ. 30 දෙනාට නම් සැප. අනික් අයට කොටන්... ජයවේවා !!!
මේ සැරේ කොයි පාරේ යන්නේ..... ගෙදර යන්න වෙනවා ජනතා කැමැත්ත විමසුවොත් සුනේ සුන්...
හරක් ටිකට පුන්නක්කු ගෙන්වන්න.
ව්‍යවස්තාවක් හදනවා නම් මුලින්ම ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්න ඕනේ... ව්‍යවස්ථාවේ නම් එ්ක දැන් තියෙන එකේ නැහැ. ඒ වගේම මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය ශක්තිමත් වෙන්නත් ඕනේ... ආර්ථික නිදහස ඇතුළත් වෙන්නත් ඕනේ. උඩරට ගිවිසුමේත් ඔය බුද්ධාගමට ප්‍රමුඛ තැන දෙනවා කියලා.. ඩොඉලි සිංහලයා ගොනාට ඇන්දුවා... කෙසේවෙතත් ලංකාවට අලුත් ව්‍යවස්ථාවක් ඕනේ නැහැ. 78 මුල් ව්‍යවස්ථාව සංශෝධන ඉවත් කරලා ක්‍රියාත්මක කිරීම ඉතා සුදුසු අලුත් ව්‍යවථාවක් ඕනේ නම් එයට ජනමත විචාරණයක් තිබිය යුතුයි. මේ අනවශ්‍ය ප්‍රශ්නයක් හදලා බලය රැක ගැනීමේ සහ බටහිර රටවල වුවමනා එපාකම් ඉටු කිරීමේ මර උගුලක්...