නව අගමැතිවරයා ලෙස පත් වු මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සර්ව ආගමික ආශිර්වාදය මැද සිය රාජකාරී ආරම්භ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණි ලොකුගේ , නිමල් සිරිපාල ද සිල්වා, විමල් වීරවංශ, ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න, දිනේෂ් ගුණවර්ධන , බන්දුල ගුණවර්ධන ඇතුළු මන්ත්‍රීවරු රැසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටිති.
(36698)

(ඡායාරූපය ඒ.එෆ්.පී)

(ඡායාරූපය - ලහිරු හර්ෂණ)



ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලාගෙන ඉන්නේ මල්ලිලා ටිකයි පුතාලා ටිකයි වැඩ බාර ගන්නේ කවදද කියලා.
කොල්ලයි, බල්ලයි කියන හැමදේම කරන්න යන්නේ නැතිව, පුළුවන් තරම් නිවැරදි දේ කරන්න උත්සාහ කරන්න. පොඩි මිනිහ විඳින දුක දන්නා කෙනෙක්ට විතරයි පොඩි මිනිහගේ දුක නිවන්නත් පුළුවන්. ලොකුම දේ තමයි විනාශකාරී පුතාල ටිකයි, වටේ ඉන්න හරක් ටිකයි බැඳලා දමන්න මතක ඇතිව. නැත්නම් ගියසැරේ වගේ ජනතා අප්‍රසාදයට ලක්වෙන්නයි වෙන්නේ. පරණ වැරදි හදාගෙන, රටට සේවයක් කරන්න හැකිවේවා කියල සුබපතනවා...
වැඩ බාර ගත්තද? නැත්නම් වැඩ අනාගත්තද? අපිට වැඩි කල් යන්න කලින් බලාගත හැකියි. රේන්ද හදිස්සියට ඉඳගත්තා වගේ නෙමෙයි, හෝදන්න වතුරවත්, බාල්දියේ අඩියවත් තියෙනවද කියලා බැලුවේ පස්සෙද මන්දා කියල මට හිතෙන්නේ... දැන් ඉතින් මොකද කරන්නේ? අපි බලාගෙන ඉම්මු... අපිට ආදරේ තරම... එන අය වැය පරද්දනකන්වත් ඉන්න බැරි වුනානේ.. එහෙමනම් මෙච්චර අවුලකුත් නැහැ. අපවාදෙකුත් නැහැ. අම්මපා ඩොලරයත් 175 කින් නැගලා එක නැටුමට..
සුබ මොහොතින් සුබ සොරකම් සඳහා වැඩ භාර ගන්නා ලදී. ජය වේවා!!!
මිනිස්සු මේ දේශපාලකයන්ට පාඩම් කියා දෙන්න කාලය හරි දැන්.
සුබ පතනවා!!! නමුත් පුතණ්ඩියා ඊයේ FCID එකට ගිහින් තියෙන්නේ කොට කලිසමක් ඇඳලා.. ඒ කියන්නේ එවැනි තැනකට යනකොට අඳින්න සුදුසු දේ තවම පුතා දන්නේ නැද්ද? නැත්නම් ඒ ඇඳන් ගිය එක හරහා යම් යටි අරුතක් තියනවද? දැන් ඉතින් මේවා අාපහු අපේ අපිට ඕනෑදේ කරන්නේ බලාගනින් කියලා වගේ...
තමන්ගේ බඩ ගැන හිතමින් එහෙට මෙහෙට පනිමින් ජාතියම හූරාකන මේ කාලකන්නි දේශපාලනයට තිත තබන්න නම් නාගානන්ද වැනි උගතෙක් රට බාරගත යුතුයි. දැන් කල යුත්තේ ඒ සඳහා පෙරමුණ ගැනීමයි.
දැනටතමත් නාමල් සුපුරුදු පරිදි වැඩ පටන්ගත්තා. ඊයේ FCID එකට ගිහින් තියන්නේ කොට කලිසම් ඇඳලා. හම්බන්තොටිත් සජිත්ගේ නාමපුවරු ගලවන්න පටන්ගත්තා.
ඇවිල්ල දවස් දෙකයි රුපියල නැවත ඉහල යාමට පටන් අරගෙන. දින දෙකට ශත 70කින් ඉහල ගිහින්. අපේ ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් ඔබතුමාට විතරයි.
අර අතේ දාගෙන ඉන්න ඇට වැල මොකක්ද?
මහින්ද ජනාධිපති තුමාට ලැජ්ජා නැතිද තමන්ව පරදවපු සිරිපාල යටතේ නැවතත් අගමැති කෙනෙක් වෙන්න. හිරේ ගියත් නම්බුයි, තමන් විහින්ම තමාව පාවාදෙනවාට වඩා.
අහෝ.! කවුරු පත් උනත් කම් නැත, රටට වැඩක් ජනතාවට සෙතක් සලසනවානම්.
ඡන්දෙකින් එන්නේ නැතුව පස්සේ දොරින් ඇවිත් මෙහෙම ඉන්නේ කොහොමද? මෙතන කාටවත් ලජ්ජා නැහැ. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ.
ඔබතුමා ජනාධිපති කමින් අයින් උන දවසේ ඉඳලා වැඩ පටන් ගත්ත බවයි මම දන්නේ.
පරිනත දේශපාලකයන් රටේ පළමු පුරවැසියා එහෙම හිතන්නේ නැහැ එය තමා අවශ්‍ය එය බාරදුර කටයුක්තක්
දැන් ඉතින් පිය, පුත්, සහෝදර සමාගම වැඩ පටන් ගනී!
ලැජ්ජා නැති අගමැති වැඩ පටන් ගන්නවා එහෙනම් .
ජයවේවා, 88, 89 කාල වකවානුවේ සිදුවූ දේ ගැන බැලුවාම ඔය තනතුරෙන් ඉවත්වුණු එක රටේ වාසනාවක්...