IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අගමැති මහින්දට එරෙහි පෙත්සමේ තීන්දුව සවස 3 ට

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යනුකූල හිමිකමක් නොමැති බවට එක්සත් ජාතික පක්ෂය ගොනු කළ පෙත්සමක් අභියාචනාධිකරණයේදී දෙවන දිනටත් අද (03) කැඳවු අතර  සියලු කරුණු දැක්වීම අවසන්  කරමින් එහි  තීන්දුව සවස 3.00ට ප්‍රකාශයට පත් කීරීමට අභියාචනාධිකරණය තීන්දු කළේය .
 
එම වේලාවට පෙත්සම විභාගයට ගන්නවාද නැත්ද පිළිබද තීන්දුව ප්‍රකාශයට පත් කරන බවද විනිසුරු මඩුල්ල තීන්දු කළේය.
 
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු විසින් අදාළ පෙත්සම ගොණු කර ඇත.


මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරය දැරිමට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලට අමාත්‍ය ධුර දැරිමේ නිත්‍යානුකූල හිමිකමක් නොමැති බැවින් ඔවුන්ගේ පත්විම් බල රහිත කරන ලෙස අදාල පෙත්සම මගින් ඉල්ලා තිබේ.


පෙත්සම මේ වන විට අභියාචනාධිකරණ විනිසුරු ප්‍රිතිපද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැණිනි.
 
 
 
 



අදහස් (11)

අගමැති මහින්දට එරෙහි පෙත්සමේ තීන්දුව සවස 3 ට

aruna Monday, 03 December 2018 07:50 AM

මහින්ද ජයගත්තොත් එය රටේ ජයග්‍රහණයක්....

:       2147       1505

පිටිගල මිලානෝ Monday, 03 December 2018 08:00 AM

රටටද ආදරේ නැත්නම් පවුලටද ආදරේ? එහෙමත් නැත්නම් නඩුවලට බයේද රට ගිනි තියන්නේ?

:       224       711

sirimal Monday, 03 December 2018 08:27 AM

මෙම නඩුවේ තීන්දුව නොව "මෙම පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද?" යන්න පිළිබඳව තීන්දුව නේද අද දෙන්න යන්නේ?

:       1       138

Asanka dasanayaka Monday, 03 December 2018 08:44 AM

මොනවද මේ රටට වෙන්නේ?

:       1       49

ROHAN Dayadara Paris Monday, 03 December 2018 08:57 AM

අපි හිතනවා ගරු අධිකරණය දැන් ස්වාධීන බැවින් සර්ව සාධාරණ තීන්දුවක් ව්‍යවස්ථාදායකයාට ශ්‍රී ලංකාවේ බුද්ධිමත් මහජනතාවට ලබාදේවි කියා මේ දෙස මුළු ලෝකයාම ඇසිපිය නොහෙලා බලාසිටීවි...!!!

:       1       229

dasun Monday, 03 December 2018 09:00 AM

අතුරු නියෝගයක් නැද්ද?

:       1       11

ගල්කටස් Monday, 03 December 2018 09:27 AM

කෝ මේ වන්ෂොට්.. හිටිය නං.. ඉතිං කලින්ම.. තීන්දුව දෙනවනේ...

:       41       64

V.warnakulasuriya Monday, 03 December 2018 09:37 AM

ලෝකයේ පවතින ප්‍රජාතන්ත්‍රවාදයට නිසි ගෞරවය හිමි වේවා! අපේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගනිමු.

:       164       21

manoj Monday, 03 December 2018 09:45 AM

දැන් 3:15 යි කෝ තාම නැද්ද?

:       0       2

Amila Monday, 03 December 2018 09:45 AM

කල් යවන්නේ නැතුව ඕන එකක් !

:       0       2

parakkrama Monday, 03 December 2018 01:58 PM

අද සවස, අලුත් අගමැතිට හා ඇමති, නියෝජ්‍ය ඇමති ආදී සියලු ඇමතිවරුන්ට එම තනතුරු දැරීමට හිමිකම නොමැති බවට අතුරු තහනම් නියෝගයක් දුන්නු බව නොදන්නවාද? ලබන 12 වැනිදා ලිඛිත තීන්දුවක් දීමට මෙකී බලය අහිමි වගඋත්තර කරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටීමට නියෝග කර ඇති බවත් නොදන්නවා විය හැකියි.

:       34       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site