( තිළිණි ද සිල්වා )
දෙවන ධුර කාලය වෙනුවෙන් තේරී පත්වූ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හදිසි සංචාරයක් සඳහා ලබන මස මුල් සතියේදී මෙරටට පැමිණෙනු ඇතැයි තානාපති ආරංචි මාර්ග වාර්තා කර සිටී.
ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා ලබන මස 07 වැනිදා සිට 08 වැනිදා මාලදිවයිනේ නිල සංචාරයට බලා යන අතරවාරයේදී ලංකාවට පැමිණෙන බවද එම තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.
මේ අතර අමාත්‍ය රවුෆ් හකීම් මහතා සිය ටිව්ටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ ඉන්දිය අග‍්‍රාමාත්‍යවරයාගේ මාලදිවයින් සංචාරය අතරතුර ලබන 09 වැනිදා මෙරට සංචාරය කිරීමටද සැළසුම් කර ඇති බවයි.
මෝදි මහතාගේ දෙවන පදවි ප‍්‍රාප්ති උත්සවය ඊයේ (30) පැවති අතර ඊට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඇතුළු රජයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සහභාගී වුණි
COMMENTS
මෙතුමාගේ මේ දෙවන පැමිණීම ගියවර අගමැති වී ලංකාවට පැමිණ අනුරපුර ශ්‍රී මහබෝධියට වුණු භාරය ඔප්පුකිරීමට වියයුතුයි...
එන්න එපා මේ පැත්ත පළාතටවත්..
මල්ලි අයියගේ මගුල් ගෙදර හොඳ වෙලාවට ගියේ... ඒ නිසා හුරේ... අපේ අල්ලපු ගෙදර අයියා අපිව බලන්න එනවෝ.. කොයි පැත්තේ කෑල්ලද අයියට ලියලා දෙන්න ඕනේ..?
ඉස්සර මහරැජින, නැතිනම් අාදිපාදවරු ඔහොම ඇවිත් ගියා.
මෝදි දෙවැනි වරට අගමැති හැටියට පත්වීමේ රහස කියාදී, පොළොන්නරුවේ පොඩි මල්ලිට යලිත් වරක් ශ්‍රී ලංකාවේ ජනාධිපති හැටියට "එල්ලෙන්න වැලක්" හොයාදීමද මේ හදිසි ගමනේ අරමුණ? අගමැති මෝදිගේ පදවි ප්‍රාප්තියට මාලදිවයිනට ආරාධනා නොකර තිබියදීත්, එහි ගොස් පිළිකන්න පැත්තෙන් අපේ රටට අගමැති මෝදි එන්නේ මොන ගැටයක් ගහන්නද දන්නේ (අවසරයි)තිරුපති කෝවිලේ වැඩසිටින දෙවියන් පමණයි!
එකපාරක් ලොකු අයියා ඇවිත් තුවක්කු බටපාරක් කාලා ගියා.