
(ඩයනා උදයංගනී)
බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් තංගල්ල කාල්ටන් නිවසේ දී අද (24) උදෑසන පෙහෙවස් සමාදන් විය.
කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ නිවසේ සිට ආගමික වතාවත්වල යෙදෙන්නැයි දුන් උපදේශය අනුව යමින් අග්‍රාමාත්‍යවරයා ද නිවසේ සිටම පෙහෙවස් සමාදන් විය.
තංගල්ල වනවාසී කුඩා විහාරයේ පූජ්‍ය පොල්වත්තේ පේමානන්ද හිමියෝ කාල්ටන් නිවසට වැඩම කර අග්‍රාමාත්‍යවරයා පෙහෙවත් සමාදන් කරවූහ.
මීට අමතරව සෑම පුන් පොහෝ දිනක පවත්වනු ලබන අමාදම් සිසිලස ධර්ම දේශනා මාලාවේ 211 වැන්න ද අරලියගහ මන්දිරයේ දී අද (24) දින පැවැත්විණි.
උඩුගම්පොල දොඹවල ශ්‍රී සද්ධර්මගුප්ත පිරිවෙන් මූල මහා විහාරාධිකාරී නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ, දර්ශනපති රාජකීය පණ්ඩිත කොබ්බෑවල මේධංකර හිමියෝ මෙවර අමාදම් සිසිලස ධර්ම දේශනාව සඳහා වැඩම කළහ. සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව පැවති අමාදම් සිසිලස ධර්ම දේශනාව ශ්‍රවනය කිරීම සඳහා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු කිහිප දෙනෙක් එක්ව සිටියහ.

COMMENTS
පල්ලිවල බිම ඉඳගෙන ඉන්න අය බණ අහනකොට උස් ආසන ගත වෙනවා..!!!
වෙස් මුහුණු බැදන් ආවට නැ අපි රැවටෙන්නේ
ඔය බොරු සිල් අරගෙන මිනිස්සුන්ට පෙන්නන්න... රවට්ටන්නේ නැතුව.. අඩු ගානේ පන්සිල් පදවත් රකින්න.
අද අද එයි මරු පින්කර ගන්නේ.. ලෝකෙට පරකාසේ..
ගොක් කොළ පේන කාලෙට කළ පව්, මතකෙට එන බව සියලු දේශපාලකයින් මතක තබාගන්න. ඒ විඳවන කොට තමයි ධර්මය, මතක් වෙන්නේ...
".........කරන කලට පව් මීරිය මි සේ - විඳින කලට දුක් දැඩිවේ ගිනිසේ ...."
මේ සිල් ගැනීමෙන් වැඩක් නැ
රජකම් කරත් කරපු පවු දිනක ඵල දෙනවාමයි.
සිය ජීවිතයේ සන්ධ්‍යාකාලය ගතකරන මැදමුලන ලොක්කාගේ පළමු සහ අවසාන සිල් ගැනීමේ උතුම් පින්කමේ බලයෙන් ඔහුට උතුම් නිවන් සැප ලැබේවා කියා පතමු. එහෙත් දශක ගාණක් තිස්සේ ලක්ෂ ගාණක් අසරණ ශ්‍රී ලංකා ජනතාවට දුන් දුක් කඳුළු වේදනාවලට මේ පින් බිඳ ඇතිවේද නිවන් දැකීම සඳහා...?
උච්චාසයන මහාසයනා වේරමණි ශික්ෂා පදය කඩ කරන සිල් ගැනීම, සිල් සමාදන්වීමක් වන්නේ කෙසේද? උපාසක බළලුන් මීයෝ දෙන්නා දෙන්නා අල්ලනවා කියලා කියන්නේ මේවාටයි..
ඔය කරපු පව් නම් සෝබන දාලා ගෙවන්න බැරි බව මතක තියාගන්න...
මට මහළු වයසේ බැරිය වෙනගායනා පෙරසේ.