
(ඩයනා උදයංගනී)
බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් තංගල්ල කාල්ටන් නිවසේ දී අද (24) උදෑසන පෙහෙවස් සමාදන් විය.
කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ නිවසේ සිට ආගමික වතාවත්වල යෙදෙන්නැයි දුන් උපදේශය අනුව යමින් අග්‍රාමාත්‍යවරයා ද නිවසේ සිටම පෙහෙවස් සමාදන් විය.
තංගල්ල වනවාසී කුඩා විහාරයේ පූජ්‍ය පොල්වත්තේ පේමානන්ද හිමියෝ කාල්ටන් නිවසට වැඩම කර අග්‍රාමාත්‍යවරයා පෙහෙවත් සමාදන් කරවූහ.
මීට අමතරව සෑම පුන් පොහෝ දිනක පවත්වනු ලබන අමාදම් සිසිලස ධර්ම දේශනා මාලාවේ 211 වැන්න ද අරලියගහ මන්දිරයේ දී අද (24) දින පැවැත්විණි.
උඩුගම්පොල දොඹවල ශ්‍රී සද්ධර්මගුප්ත පිරිවෙන් මූල මහා විහාරාධිකාරී නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ, දර්ශනපති රාජකීය පණ්ඩිත කොබ්බෑවල මේධංකර හිමියෝ මෙවර අමාදම් සිසිලස ධර්ම දේශනාව සඳහා වැඩම කළහ. සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව පැවති අමාදම් සිසිලස ධර්ම දේශනාව ශ්‍රවනය කිරීම සඳහා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු කිහිප දෙනෙක් එක්ව සිටියහ.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.