(නාලක සංජීව දහනායක සහ සුජිත් හේවාජුලිගේ)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අග‍්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමත් සමඟම ජාතික රූපවාහිනී සංස්ථා පරිශ‍්‍රයේ අද (26) රාත‍්‍රීයේ දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති විය.
මේ හේතුවෙන් ජාතික රූපවාහිනියේ විකාශන කටයුතු ද ඇණහිටියේය. විකාශනය අද මධ්‍යම රාත‍්‍රීය පසුවනතුරුත් එය යථාතත්ත්වයට පත්ව තිබුණේ නැත.
මහින්ද රාජපක්‍ෂ මහතා අග‍්‍රාමාත්‍යතනතුරට පත්වීමත් සමඟම ජනමාධ්‍ය මංගල සමරවීර, රාජිත සේනාරත්න, රංජිත් මද්දුමබණ්ඩාර, චතුර සේනාරත්න යන එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් කණ්ඩායමක් තවත් පිරිසක්ද සමඟ ජාතික රූපවාහිනී පරිශ‍්‍රයට පැමිණ එහි රැඳී සිටිනු දක්නට ලැබුණි. පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළු විශාල පිරිසක් ද රූපවාහිනී සංස්ථාව ඉදිරිපිට රැකවල්ලා සිටියහ.
මේ අතර ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන ඉන්දික අනුරුද්ධ, සනත් නිශාන්ත, ප‍්‍රසන්න රණවීර යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අතුළු පිරිසක් රූපවාහිනි සංස්ථා පරිශ‍්‍රයට පැමිණීමත් සමඟ එක්සත් ජාතික පක්‍ෂ මැති ඇමතිවරු රූපවාහිනි සංස්ථා පරිශ‍්‍රයෙන් ඉවත්ව ගියහ. ඉවත්ව ගිය මැති ඇමතිවරුන්ට එහි රැස්ව සිටි පිරිස් හූ හඬකින් සංග‍්‍රහ කළහ.
අනතුරුව රූපවාහිනී සංස්ථාවට ඇතුළු වූ ඒකාබද්ධ විපක්‍ෂයේ කණ්ඩායම පිවිසුම් දොරටුවේ සවිකර තිබූ අගමැතිවරයාගේ ඡායාරූපය ගලවා ඉවත් පියවර ගත්හ. අනතුරුව රූපවාහිනී සංස්ථාවේ සේවකයන් සමඟ කෙටි පිළිසඳරක නිරතවූ ඒකාබද්ධයේ පිරිස් පසුව එම ස්ථානයෙන් ඉවත්ව ගියේය.
ඡායාරූප - ඉෂාන් සංජීව




COMMENTS
මෙවැනි දේවල් සාමාන්‍ය ජනතාව ලෙස අපි මීළඟට පත්වන භාරකාර ආණ්ඩුවෙන් බලාපොරොත්තු නොවෙමු. කලහකාරී හැසිරීම්, වුවමනාවටත් වඩා ඉහවහා ගිය ප්‍රීතිය නිසා විකාර වඩා නොකළ යුතුය. ජනතාව ඔබලාගේ පිස්සු වැඩ නොව සැලසුම්සහගත ක්‍රමවත් වැඩපිළිවෙලක් බලාපොරොත්තු වෙයි. එනිසා දැන්වත් බාල බොළඳ වැඩ වලට අත නොගසා සිහිබුද්ධියෙන් මහින්ද මහත්මයා තම පිරිස මෙහෙයවනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු. සාමාන්‍ය ජනතාව ලෙස අප මේ සිදුවීම් දෙස උපේක්ෂාවෙන් බලා සිටින්නේ මහින්ද මහත්මයා ගැන ඇති විශ්වාසය නිසා බවත් දන්වා සිටිමු.
කාලකන්නි දේශපාලනය විසින් මාරුවෙන් මාරුවට විනාශය කරා දක්කා ගෙන යන අප පුංචි කාලයේ සිට ආදරය කල අපේ ආදරණීය නාලිකාව....
මෛත්‍රිපාල උන්නැහේ ඔබට සතුටුයිද දැන්... හිටන් මාර වැඩ කරන්නේ ඉඳලා හිටලාඔබතුමාත් 2020 වෙනකොට ගෙදර තමයි... මහින්ද මහත්තයා දැන් හිටන් ගැන හොඳට දන්න නිසා ආයෙත් ලේකම් ධුරයක් ගෙවනවා බොරු හිටන්...
මෙහෙම මල කෝලම් ලෝකෙට බලාගන්න පුළුවන් ලංකාවෙන් විතරද මන්දා?
ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන ඉන්දික අනුරුද්ධ, සනත් නිශාන්ත, ප‍්‍රසන්න රණවීර වගේ අය ලඟට ගැනීම ගැන මහින්ද මහත්තයා දෙවරක් සිතිය යුතුය...
දෙගොල්ලොම විකාර කරන්නේ.
ඔන්න මහින්ද මහත්තයාගේ කට්ටිය නියමෙට වැඩේ පටන් අරගෙන...
අපි වගේ තුන්වෙනි ලෝකේ රටක මේ වගේදේවල් පේනවා.. ඒ කියන්නේ අපේ රටේ මිනිස්සු නූගත් එක මේ පින්තුරවලින්ම පේනවා.. මෝඩයින් වගේ නටනවා. එ්ත් හරියට කන්න, බොන්නවත් නැති මෝඩ සිංහලයින් බහුතරය... ඔය ගොඩක් නටන හැමෝම ජීවත් වෙන්නේ හරියට කන්න, අඳින්නවත් නැහැ. එ්ක මේ ඇඳුම්වලින් වගේම මුහුණු වලින්ම අපිට පේනවා. මේක තමයි නූගත්කම කියන්නේ... උසස්පෙළ පාස් වුණාට මොලය නැහැ.. බුද්ධිමත් නැහැ. කරන්න දෙයක් නැහැ. අපි මේ රටේ ඉපදුනාට දුක්වෙනවා හැරෙන්න මේ රටේ කිසිම පක්ෂයක්වත්, දේශපාලකයෙක්වත් වැඩකට නැහැ. ජේ.වී.පී එක පොඩ්ඩක් හොඳයි වගේ පේනවා.. එ්ත් විශ්වාස නැහැ..
මේ අය නිකන් ගෝත්‍රිකයෝ වගේ.
මේ ජඩකම තව කොතෙක් කලක් මේ රටේ ජනතාවට අත්විඳින්න වෙයිද දන්නේ නෑ...
ගණන්කාරයින්ගේ යුගයේ ආරම්භය...!!!
දැන් ඡන්දයෙන් ආණ්ඩු පෙරලන, ආණ්ඩු පත් කරන, අගමැතිලා තෝරන කාලය ඉවරයි. අනේ රටකට ගිය කලක්!
මහජනයාට දැන් ඉල්ලන්කන්න ඉතා පහසුයි.
ඡන්ද නොතිබ්බ එකේ ප්‍රතිවිපාක ඒ අයටම බූමරංගයක් වී ඇත...