(අංජුල මහික වීරරත්න)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (03) පෙරවරුවේ ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ්හි ඓතිහාසික තිරුපති කෝවිල වැඳ පුදා ගත්තේය.
කොළඹ සිට ගුවනින් චෙන්නායි නුවර බලා ගිය අග්‍රාමාත්‍යවරයා එතැන් සිට විශේෂ හෙලිකොප්ටර් යානයකින් තිරුපති ගුවන් තොටුපොළ බලා පැමිණියේය.
ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයට පැමිණි අග්‍රාමාත්‍යවරයා ප්‍රාන්තයේ කර්මාන්ත අමාත්‍ය එන්.අමරාන් රෙඩි ප්‍රමුඛ ප්‍රාන්තයේ ඉහළම නිලධාරින් විසින් පිළිගත් බව ඉන්දීය පුවත් ඒජන්සි වාර්තා කර තිබිණි.
තිරුපති කෝවිල වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා පිළිගනු ලැබුයේ එහි පාලක සභාවේ ප්‍රධානියකු වන අනිල් කුමාර් සිං ප්‍රමුඛ නිලධාරීන් විසිනි.
ඓතිහාසික තිරුපති කෝවිලට රාජ්‍ය නායකයින් ඉටු කරන බරට බර පුජාවටද ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා සහභාගීවි ඇතැයි ඉන්දීය පුවත් ඒජන්සි වැඩිදුරටත් වාර්තා කර තිබිණි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද තිරුපති වන්දනාවට සහභාගී වූවාය.
COMMENTS
අපේ රාජ්‍ය නායකයන්., නායකයන් වෙන්න හිතාගෙන ඉන්න උදවිය.. මේ හැමෝම මේ දවස්වල තිරුපති ගිහිල්ල පූජා පවත්වනවා… අම්මපා එහෙ වැඩ ඉන්න දෙවියෝ කාට ඡන්ද දමයිද මන්දා..? මේ උදවිය අපි ලඟට ආවත් නැතත් දන්නවා මොකක්ද කරන්නේ කියලා.. අපි නම් දෙනවා වෙලාවට ගේම..!
2020 දී පැරදිලා ගෙදර යන්න වෙන එක තිරුපති නොවෙයි මහා බ්‍රහ්මයාටවත් බැරිය...
බරට බර ගොම තමයි දෙන්න තිබෙන්නේ 62 කගේ ගොම කොහේ දාන්නද?
අනිවාර්යයෙන්ම ඡන්දයක් ළඟ ඇති, ඡන්දෙ ළඟ වුණාම තමයි මේ කෝවිල මතක් වෙන්නේ...
225ම ඔතනට යනකොට කාටද ආඩම්බර. තම තමන්ගේ බරට බර ගෙනියනකොට අපේ 225 මොනවා අරගෙන යයිද මන්දා? එතකොට මෙයා තමන්ගේ බරට සරිලන මොනවද ගෙනිච්චේ?
නොපෙනෙන දෙවියන් වැන්දේ කුමටද නිවසේ දෙවියන් අම්මා.
අපරාදේ සල්ලි.
අපරාදේ බරට බර කියලා මෙයාව කෝවිලට තියාගන්න කිව්වා නම් හරි. රටටත් එතකොට හොදයි පක්ෂේටත් හොදයි
මොනවද දෙවියන් වෙනුවෙන් රනිල්ගේ බරට පුජා කරේ? පාර්ලිමේන්තුවේ දැනට සිටින බරෙන් වැඩිම පුද්ගලයා රනිල් නොවෙයි නේද? විරුද්ධ පක්ෂයේ ඉන්නා සමහර මන්ත්‍රීන් දිහා බැලුවම එයාලට කිසිම ආහාර අහේනියක් නැති බව පේනවා! පාර්ලිමේන්තු කැන්ටිමේ අඩු මුදලකට වට්ට්යක් පිරෙන්න කන අය වගේ හොඳට පේනවා! පහුගිය දිනක මගේ ආච්චි අහනවා මේ දරුවා කන්නේ මොන සමූපෙන් ගන්න හාල්ද කියල. ඒ උන්දැටත් හැම දේම දැනගන්න ඕන. රනිල් තිරුපති දෙවියන් වන්දනා කර ඉල්ලා සිටියේ මොනවද?
තමන්ගේ සැබෑ දෙවියන් මහජනතාව බව නොදන්නා මොවුන් ඒ දෙවියන් සතුටු කරනු වෙනුවට, ඡන්ද බලය නැති දෙවියන් ඉදිරියේ වැඳ වැටෙන්නේ ඇයි? බිය නිසා, බලය අහිමි වේය යන බිය නිසා නොවේද?
මහින්දත් ඔය ඔක්කොම වැඳලා, වශී බෝතල් අරගෙනම තමයි ගෙදර ගියේ.
රනිල්ගේ ඇද කුද දවස ගානේ මතක් කලේ නැතිනම් බමුනුතුමාට නින්ද යන්නේ නැහැ.
මේ පාරවත් පඩියෙන් කියක් හරි පඬුරු දැම්ම නම් දෙවියන්ගේ ආශිර්වාදේ ලැබෙයි. ඔය දෙවියන්ව රවට්ටන්න බැහැ.
බලය වෙනුවෙන් ඕන දෙයක් කරාවී
මම හිතනවා මේක පුද්ගලික ගමනක් නම් අගමැතිතුමා පුද්ගලික මුදල් වලින් වියදම් කරන්න ඇති කියලා. කොහොම වුනත් මෙවැනි බොළඳ ක්‍රියා වලින් වාසි එම දේවාලයට පමණි.
මේ වගේ අය නායකත්වයට සුදුසුද තවම බොරු දේවල් පිටිපස්සේ යනවා
රටේ පාලකයෝ අන්ද භක්තිකයෝ වෙලා. සර්වබලධාරී දෙවියන් ඇතුළු සෑම දෙවියෙක්ම ඇයි මිනිසුන් ඉදිරියට නොපැමිණෙන්නේ.
රත්තරං කිලෝ 80 ක වියදම කීයද?
අනේ මන්දා! ඔය කොතන වැඩ ඉන්න දෙවියන් ලගට ගියත් අපිට මාරයා අත වැනුව දවසට යන්නම වෙනවා. ඒක නවත්වන්න සක්කර දෙවියන්ටත් බැහැ, කලානම් යම් පවක් එකට දඩුවම ලැබෙනවම තමා. වරදක් නොකලානම් මොකටද බයවෙන්නේ?
බරටබර පූජාවට මහේන්ද්‍රන්ව පූජා වට්ටියක තියලා දෙන්න තිබුනේ...
අනුකරණයද? අන්ධානුකරණයද?
මේකට විරැද්ධව කතා කරන අය ලංකාවේ කෝවිල් කීයක් වඳිනවද? එකෙක්ගේ නමත් බමුණා...
මහින්දත් මේ ළඟදී ඉන්දියාවට ගියේ කෝවිල් වැඳ පුදා ගෙන එන්ට තමයි.
කොහේ ගියත් අද සෙට් එක ගෙදර...
2015 සිට 2019 වෙනකම්... මෙලෝ රහක් නැහැ..
අර්ජුන්ට පඬුරක් දාන්න