(විනීතා එම් ගමගේ)
රට ස්ථාවර නම් හා ජන ජීවිතය සාමන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යා හැකි නම් ජනපති අගමැති හා විපක්ෂනායක තිදෙනා එක මේසයකට පැමිණ ඒ බව ජනතාවට ප‍්‍රකාශයක් කළ යුතු යැයි මාර්තු 12 ව්‍යාපාරය කියයි.
එමෙන්ම දේශපාලන භේදයකින් තොරව ඒකාබද්ධව පවතින තත්ත්වයට මුහුණ දෙමින් රටේ ආරක්ෂාව හා අනාගතය වෙනුවෙන් පියවර ගන්නා බවට ද ඔවුන් තිදෙනා වහා ප‍්‍රකාශයක් කළ යුතු යැයි මාර්තු 12 ව්‍යාපාරයේ සම කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට ප‍්‍රකාශයක් කරමින් පැවැසීය.
ජාතික ව්‍යසනයක් බැවින් සියලූ දෙනා එක හඬක් නංවමින් රට වෙනුවෙන් තම කැපවීම පෙන්වනු ඇතැයි ජනතාව අපේක්ෂා කරන බව කී හෙට්ටිආරච්චි මහතා එහෙත් තවමත් දේශපාලන වාසි තත්ත්වයන් දෙස බලමින් දේශපාලඥයින් කටයුතු කරන බවක් පෙනී යන්නේ යැයි ද හෙතෙම සඳහන් කළේය.
COMMENTS
මක්කීවා... මේ උන්නැහේට වෙනත් රටක ප්‍රශ්නයක් ගැන මතක් වෙලාද මන්ද? ඔය " හරක් ටික " එකතු කරගන්නවාට වඩා පහසුයි ලාහෙට "රිලව් " එකතු කරන එක.
අගේ කළයුතු හොඳ අදහසක්. ඒ වුණාට මේ වෙච්ච සන්තෑසිය උපයෝගී කරගෙන ආණ්ඩුව පෙරලලා බලය අල්ලාගන්න කටයුතු කරන කට්ටිය ඔය වැඩේට කැමති වෙයිද?
මීටත් වඩා භයානක වූ LTTE තස්ත්‍රවාදය මුලිනුපුටා දැමීමට එවකට පැවති රජය කටයුතු කළ වෙලේ, එකතු වෙනවා තබා අකුල් හෙලීමටම කටයුතු කළ විපක්ෂයක් තිබූ ඉතිහාසයක් උරුම අපට, මාර්තු 12 ව්‍යාපාරයේ මේ යෝජනාව ක්‍රියාත්මක වේදැයි සැකයි.
අවුරුදු 4ක් වෙනවා. රටට ජනතාවට කිසිම සෙතක් නැ
හොඳ අදහසක්... බලමු රටට ආදරේ කරන කණ්ඩායමක්ද? එහෙම නැත්නම් දේශපාලන බල තණ්හාව නිසා හැමදාම තමාම බලේ ඉන්න හිතාගෙන ඉන්න අයද, එහෙම නැතිනම් බලේ ගන්න තණ්හාවෙන් ඉන්න කොටසක්ද කියලා ජනතාව අද මේ දෙගොල්ලොම ප්‍රතික්ෂේප කරන තැනට ඇවිල්ලා..
අපි බලාගෙන ඉමු. අමතනකම්...
ලංකාවේ විපක්ෂය සැමදාම බල්ලට ගොස් තිබුණි. රටේ ප්‍රගතියට වඩා ඔවුන් සැමවිටම සිතුවේ තිබෙන ආණ්ඩුව පෙරලා නැවත බලයට පැමිණෙන්නේ කෙසේද යන්නයි. එබැවින් මෙවැනි අවස්ථාවකදීවත් ඔවුන් එකමුතුවේ යයි සිතිය නොහැක.
මහතාණෙනි, තවත් වැදගත් නේද එම වෙලාවේම ප්‍රධාන ආගම් නායකයින් ඇතුලුව ලංකා ජාතිකයින් ඇමතීම...
බණ ටෝකින්... තුන් දෙනාම නිර්වස්ත්‍රයෙන්නේ ඉන්නේ. හොරු සමග විතරක් නොවෙයි ත්‍රස්තවාදීන් සමගත් හෙළුවෙන්...
අද ඉන්න මේ තුන් දෙනාට නම් එහෙම එක මේසයක වැඩිවෙලා රටේ අභිවෘද්ධිය ගෙන කතා කරන්න වුවමනාවක් ඇතිද කියන්න අමාරුයි. අනාගතේදීවත් එවන් උගත් පෞරුෂයක් තියෙන නායකයන් මෙරට බිහි වුණොත් අපේ දරු මුණුබුරන්ට සතුටෙන්, සාමයෙන් ඉන්න පුළුවන් රටක් හැදෙයි.