IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අගමැති කොමිසමෙන් පිටව යයි

( තිළිණි ද සිල්වා )

පැය එක හමාරක පමණ කාලයක් සාක්කි ලබා දීමෙන් පසුව අගමැති රනිල්  වික්‍රමසිංහ මහතා වෙනත් රාජකාරී කටයුත්තක් සඳහා ජනාධිපති පරීක්ෂණ කොමිසමෙන් පිටව ගියේය.

කෙසේ වුවද  අගමැතිවරයා යළි පස්වරු 1.30ට කොමිසම  ඉදිරියේ පෙනී සිටීමට නියමිතය. ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩි මාසික කුලියකට ඩී.පී.ජේ ගොඩනැගිල්ලට රැගෙන යාමට එරෙහි පැමිණිලි විභාගය ද මෙම වේලාවට කල් තැබිණි.

දැනට ලබා දුන් සාක්කි විමසීමේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා සුදුසු ගොඩනැගිල්ලක් තෝරා ගැනීමට  ඩී.පී.ජේ ගොඩනැගිල්ල  සහ තවත් ගොඩනැගිලි දෙකක් පිළිබඳව සොයා බලන්නැයි එවකට විෂය බාර කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට පැවසූ බවය.

කෘෂිකර්ම අමාත්‍යාංශය මීට පෙර පැවති ගොවිජන මන්දිරය වෙත පාර්ලිමේන්තු කාරක සභා ස්ථාපිත කිරීමට අවුරුදු 4 ක කාලයක් ගතවු බවත්, ඒ අනුව ඉකුත් මැයි 23 වැනිදා එහි පාර්ලිමේන්තු කාරක සභා පිහිටවූ බවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොමිසම හමුවේ කියා සිටියේය.

කොමිසමේ සභාපති විශ්‍රාමලත්  විනිසුරු  අගමැතිවරයා ගෙන් වර්ග අඩි 55000 ක් තැළ අමාත්‍යාංශ 4 පිහිටුවිය හැකි බවත්, ඒ අනුව වර්ග අඩි 27,000 ක වපසරිසකින් යුතු කෘෂිකර්ම අමාත්‍යාංශය සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටුවාලිය හැකි නේද යැයි අගමැතිවරයා ගෙන් විමසා සිටියේය.

ඊට පිළිතුරු ලෙසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ එවකට විෂය බාර අමාත්‍ය දුමින්ද දිසානයක මහතාට කෘෂිකර්ම අමාත්‍යාංශය හා අනුබද්ධ සියලු ආයතන එකම ගොඩනැගිල්ලක ස්ථාපිත කිරීමේ උවමනාවක් පැවති බවයි.

ඡායාරූප - චතුර එස් කොඩිකාර



අදහස් (7)

අගමැති කොමිසමෙන් පිටව යයි

nishantha Monday, 16 September 2019 06:57 AM

අර දෙමාපියන්ට මහජනතාව වන අපේ සල්ලිවලින් සොහොන් හදපු මහත්තයා මෙහෙම බය නැතුව නඩු වලට පෙනී හිටිනවා නම් බය නැති බව පිළිගන්නවත් පුළුවන්, කොන්ද තියෙනවා කියන එක උඩු රැවුලෙන් වත්, හමුදාවේ තුවක්කු මානාගෙන හිටියා කියලවත් මනින්න බැහැ. වැරදි හෝ හරි බව තීන්දු කරන්න අඩුගානේ පෙනී හිටින එකත් ප්‍රජාතන්ත්‍රවාදය පවතින බවට හොඳ සාක්ෂියක්..

:       99       246

bul Monday, 16 September 2019 07:32 AM

දුප්පත් මිනිස්සුන්ගේ මුදල් අවභාවිතය කරන අයට හෙන හතම වදින්න ඕනෑ.

:       62       96

Bandara Monday, 16 September 2019 07:56 AM

බොරු වැඩ....

:       12       7

Sajith Monday, 16 September 2019 08:37 AM

කොහොමද, බයනැති අගමැති..!

:       27       74

විනිවිද Monday, 16 September 2019 10:13 AM

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නීතිගරුක, විනයගරුක දේශපාලකයෙකි. පසුගිය රජයේ කිසිවකු මේ සේ ක්‍රියාකර තිබේද? ඔවුන් කර ඇත්තේ අධිකරණයේ ප්‍රබලයන් ගෙදර යැවීම නොවේද? තීන්දු දුන්නේ මන්දිරවල සිට නොවේද? අද නීතිය සැමට පොදු බව හොඳින්ම පෙනෙන්නට තිබේ. රටේ අගමැතිවරයා පවා කොමිසම්වලට පැමිණෙන අවස්ථා ලෝකයේ දියුණු රටවල මෙන් ලංකාවේත් වර්තමානයේ සිදුවේ.

:       169       433

chandimaMonday, 16 September 2019 12:45 PM

අපිත් මුලින් හිතුවේ නීතිගරුක, විනයගරුක දේශපාලකයෙක් කියලා තමයි. නමුත් ඉගිලෙන්න ගත්තම තමයි සුද පෙනෙන්න ගත්තේ. යාලු හොරු ගෙනත් දාගෙන බැංකු සුද්ද කරපුවා, යාලු පැරෂුට් කට්ටිය ගෙනත් ආණ්ඩුවේ තනතුරු දීපුවා එහෙම මේ මහත්තයා දන්නේ නැතුව ඇති. රූකඩයක් දුටුගැමුණු රජ්ජුරුවන්ට අන්දලා වේදිකාවට අවම ඒ දුටුගැමුණු රජ්ජුරුවෝම කියලා හිතාගෙන පස්වාන් දහසකට බුදුවෙන්න කියාගෙන වැඳගෙන ඉන්න එපා.

:       50       0

පුරවැසියා Monday, 16 September 2019 01:49 PM

ඔබ නොදන්නවට ලෝකයේ දියුණු රටවල් ඔවුන්ගේ ආර්ථිකයට මෙන්ම ඔවුන්ගේ රටවල ප්‍රබල කටයුතු මෙහෙයවීමට සහ උපදෙස් ගැනීමට විදේශිකයන් ගෙන්වා කටයුතු කරන බව ඔබ නොදන්නවා ඇත. අගමැතිවරයා දක්ෂයන් තෝරද්දී ඔවුන්ගේ දක්ෂකමට තැන දුන්නා මිස ඔවුන් හොරකම් කළ බවට සහ හොරකම් කරන බව එතුමා සිතන්නට නැත.

:       0       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site