IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අගමැතිට වෙන් කරන මුදල් කපා හැරීමේ යෝජනාව හෙට සම්මත කරගන්නවා

(සුජිත් හේවාජූලිගේ)

අගමැතිවරයාට වෙන් කෙරෙන මුදල් කපා හැරීමේ යෝජනාව හෙට (29) පාර්ලිමේන්තුවේදී සම්මත කර ගන්නා බව හිටපු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ලංකාදීපයට පැවැසීය.

හෙට දිනට නියමිත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ පළමු හා එකම යෝජනාව ලෙස දැක්වනුයේද මේ යෝජනාවයි.

එක්සත් ජාතික පක්ෂයේ නවීන් දිසානායක, රවී කරුණානායක, නාලක කොලොන්නගේ, කාවින්ද ජයවර්ධන, හෙක්ටර් අප්පුහාමි හා චතුර සේනාරත්න යන මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුව මෙම යෝජනාව පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට ඉකුත් දා භාරදෙනු ලැබිණි.



අදහස් (13)

අගමැතිට වෙන් කරන මුදල් කපා හැරීමේ යෝජනාව හෙට සම්මත කරගන්නවා

Bamunuarachchi Wednesday, 28 November 2018 01:21 PM

අපි බලයට ආපුවාම රිටර්න් එක දෙන්නම්... ඔහෙලා දන්නවනේ ඔහේලාගේ දින නියම කරලා තිබෙන බව. මහජන ඡන්දෙකින් පස්සේ ඔහෙලා හිටපු තැනුත් හොයන්න බැරිවේවි..!!!

:       1758       1344

V.warnakulasuriyaWednesday, 28 November 2018 02:58 PM

දින නියම කරලත් තිබෙනවා නම් මොකටද හඳපානේ අගමැති වුනේ? ඒකටනේ දැන් තියෙන එකම නාඩගම. රිටර්න් එකට අරයා කියපු විදියට කට්ටියව අඩි හයක් පොළව යට එහෙමත් යවනවද බමුණුතුමනි?

:       668       516

sandy123Wednesday, 28 November 2018 03:25 PM

මහජන සේවය පිණිසයි..

:       21       46

sandy123Wednesday, 28 November 2018 03:26 PM

හලෝ කඩේ බෝයි කොහොමද?

:       6       204

gunarathna Wednesday, 28 November 2018 01:41 PM

මොකද මේ පිස්සු වැඩ කරන්නේ කෙලින්ම විශ්වාස භංගයක් ගෙනැල්ලා ජනාධිපතිව ඉවත් කෙරුවා නම් මේ සේරම ප්‍රශ්න ඉවරයිනේ. බහුතරයක් තියෙන නිසා ලේසියෙන්ම කරන්න පුළුවන්කම තියෙද්දී මොකද මේ? සත්‍යග්‍රහ කරනවා, පෙළපාලි යනවා අහිංසක මිනිස්සුන්ව ගෙනැල්ල දුක්දෙනවා...

:       105       255

BamunuarachchiWednesday, 28 November 2018 11:38 PM

මම හිතන්න ඔබට තරම් දැනුමක් ඒගොල්ලන්ට නැති නිසා වෙන්න ඇති නේද?

:       0       66

Sumith Wednesday, 28 November 2018 02:28 PM

අවුරුදු 3ක් අගමැති කෙනෙක් බහුතරයක් තියාගෙන ජනතාවට කළේ කුමක්ද? පුළුවන් තරම් වැට් ගැහුවා.. ජනතාව අසරණ වුණා. මේ කරන දේවලට.

:       414       452

Sumith Wednesday, 28 November 2018 02:39 PM

ජනතාව සම්මත කරලා ගෙදර යවන්න.

:       0       24

Saranya Wednesday, 28 November 2018 03:42 PM

මේ මිනිස්සු ඇත්තට මුහුණ දෙන්න කැමති නැති හැටි.. තවත් අහනවානේ කළේ මොනවාද කියලා? පොහොට්ටු වහල්ලු...

:       275       204

dias Thursday, 29 November 2018 01:36 AM

දැන් ජනාධිපතිට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන එමු.

:       0       0

වසන්ත Thursday, 29 November 2018 03:07 AM

ගුණරත්න ජනාධිපතිට ගෙන ආ හැක්කේ දෝෂාභියෝගයක් මිස විශ්වාසභංගයක් නොවේ. එයද සරල බහුතරයකින් නොව 2/3 සම්මත විය යුතුය. දැත් තමන්ගේ දේශපාලන මතය අනුව ව්‍යවස්ථාව අර්ථ දක්වා ජනපතිට පාර්ලිමේන්තුව විසුරුවන්න හැකි බව කියන අය තේරුම් ගන්න ඕනැ අනාගතේ දවසක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) අනුව දුෂිත ජනාධිපතිවරයෙකුට එවැනි යෝජනාවක් පැමිණි විගස ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවන බව. රට පිටරටකට විකුණලා දුන්නත් මොන දුෂිත වැඩේ කරත් කරන්න දෙයක් නැහැ එතකොට

:       0       0

sudesh Thursday, 29 November 2018 03:20 AM

අගමැති කෙනෙක් නැත්නම් අගමැතිගේ වැය ශීර්ෂය කපන්න යෝජනාවක් සම්මත කරන්න පුළුවන්ද? මේක හරියට උපන්නේ නැති මිනිහෙකුට නඩුවක් දානවා වගේ මෝඩ වැඩක්. යෝජනාවක් පාර්ලිමේන්තුවට ගේනවා නම් ඒකේ තේරුම අගමැති ඉන්නවා කියන එකයි. එහෙනම් ඔහුට වැයශීර්ෂයක් තියෙන්න ඔනේ. අපිට තේරෙන්නේ නෑ මේ දේශපාලනය

:       0       24

Sanath Thursday, 29 November 2018 04:45 AM

එතකොට අරලියගහ මන්දිරයේ වියදම් ගෙවන්නේ මහ ජනතාවද?

:       48       105

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 2 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 695 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site