(තිළිණි ද සිල්වා)
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ 12 වැනිදා පෙරවරු 9.30ට පෙනී සිටින්නැයි දන්වමින් එම කොමිසම විසින් සිතාසි නිකුත් කරනු ලැබ ඇත.
කෘෂිකර්ම අමාත්‍යාංශය රුපියල් මිලියන 24 .6 ක මාසික කුලියට බත්තරමුල්ල පිහිටි ඩී.පී.ජයසිංහ ගොඩනැගිල්ලට රැගෙන යාමෙන් රජයට පාඩු සිදුව ඇතැයි කියමින් එම ජනාධිපති කොමිසම හමුවේ ගොනු කළ පැමිණිල්ලට අදාළ සාක්ෂි ලබා ගැනීම සඳහා අග‍්‍රමාත්‍යවරයාට මෙලෙස සිතාසි නිකුත් කළ බව එම කොමිසම සඳහන් කර සිටී.
මෙම සිතාසිය අද (09) දින ෆැක්ස් පණිවිඩ මාර්ගයෙන් අග‍්‍රාමාත්‍ය කාර්යාලයට සහ අරලියගහ මන්දිරයට යැවූ බවත් හෙට (10) දින එය කොමිසමේ පර්යේෂණ නිලධාරියා අතින් රැගෙන ගොස් අරලියගහ මන්දිරයට බාර දීමටද නියමිතය.
කෘෂිකර්ම අමාත්‍යාංශය රුපියල් මිලියන 24 .6 ක මාසික කුලියට රාජගිරිය පිහිටි ඩී.පී.ජයසිංහ ගොඩනැගිල්ලට රැගෙන යාමෙන් රජයට පාඩු සිදුව ඇතැයි කියමින් එම ජනාධිපති කොමිසම හමුවේ ගොනු කල පැමිණිලි විභාගයේ දී එම අමාත්‍යාංශය මීට පෙර පවත්වා ගෙන ගිය ගොවිජන මන්දිරය පාර්ලිමේන්තු කාරක සභා සඳහා පවරා ගැනීමට අදාළව කැබිනට් පත‍්‍රිකාවක් නිකුත් කළ බවට කරුණු හෙළි විණි.
ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය මීට පෙර පවත්වා ගෙන ගිය ගොවිජන මන්දිරය පාර්ලිමේන්තු කාරක සභා සඳහා පවරා ගැනීමට අග‍්‍රාමාත්‍යවරයා 2015 සැප්තැම්බර් 21 වැනි දින ඉදිරිපත් කළ කැබිනට් පත‍්‍රිකාව සම්බන්ධයෙන් හා රාජගිරිය පිහිටි ඩී.පී.ජේ ගොඩනැගිල්ලට එම අමාත්‍යාංශය ස්ථාපිත කිරීමට අදාළ සිද්ධි සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍යවරයා ගෙන් සාක්ෂි ලබා ගැනීමට නියමිත බවද ජනාධිපති පරීක්ෂණ කොමිසම කියා සිටී.
මේ අතර මෙම පැමිණිල්ලට අදාළව වැඩිදුර සාක්කි ලබා දීමට හිටපු කෘෂිකර්ම අමාත්‍ය , පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක මහතාද හෙට (10) ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd