(නිමල කොඩිතුවක්කු)
පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සිය වගකීම පැහැර ඇති බව පවසමින් ඒ මහතාට එරෙහිව ජාතික සංඝ සම්මේලනය විසින් අද (14) පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.
පාස්කු දා ප‍්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු දැන සිටියත් ඒ පිළිබඳ ක‍්‍රියා නොකිරීම, ආණ්ඩුව පිළිබඳ තමන්ගේ වගකීම පැහැර හැරිම ආදී කරුණු රැසක් මුල්කර ගනිමින් මෙම පැමිණිල්ල ගොනු කළ බව ජාතික සංඝ සම්මේලනයේ සම සභාපති රජවත්තේ වප්ප හිමියෝ එහිදී පැවැසූහ.
මෙම චෝදනා සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසද උන්වහන්සේ සිය පැමිණිල්ල මගින් තවදුරටත් ඉල්ලා සිටියි.
පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍ය හමුවේ තවදුරටත් අදහස් දැක්වූ රජවත්තේ වප්ප හිමියෝ මෙසේ ද කීහ.
‘‘ අගමැතිට එරෙහිව පොලිස් මූලස්ථානයට අපි පැමිණිල්ලක් ඉදිරිපත් කළා. පාස්කු ඉරිදා ප‍්‍රහාරයන් නිසා මේ වනවිට 250කට වඩා පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා. ඒ වගේම 500කට අධික පිරිසක් තුවාල ලැබුවා.
දශක තුනක ත‍්‍රස්තවාදයක් නැති කරලා මේ රට තුළ සාමය, සමෘද්ධිය ඇතිවෙලා ජනතාව සාමයෙන් සතුටින් ජීවත් වන කාලයක මේ සා විශාල විනාශයක් වීමට ප‍්‍රධානතම හේතුව රටේ ආරක්ෂාවක් නොතිබීමයි. ඒ නිසා මේ රටේ ජාතික ආරක්ෂාව නැති කිරිම පිළිබඳ මූලිකව වගකිව යුත්තේ මේ රටේ අග‍්‍රාමාත්‍යවරයායි.
ඒ නිසා අග‍්‍රාමාත්‍යවරයා වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසට ජාතික සංඝ සම්මේලනය විදියට අපි පැමිණිල්ලක් ඉදිරිපත් කළා’’යැයිද උන්වහන්සේ එහිදි පැවැසූහ.
මෙම අවස්ථාව සඳහා ජාතික සංඝ සම්මේලනයේ මාධ්‍ය ලේකම් වත්තහේනේ විජිත හිමියෝ ඇතුළු පිරිසක් එක්වූහ.
ඡායාරූප - ශාන්ත රත්නායක


COMMENTS
ජනාධිපති හරි හොඳායි යියි...
රටේ ආරක්ෂක අමාත්‍යාංශය බාරව ඉන්නේ කව්ද කියලවත් දන්නේ නැති පිරිසක්...
එකඑකාට කඩේ යන්න එපා... ආරක්ෂාව, පොලීසිය තිබ්බේ කවුරු ගාවද? ආරක්ෂක කවුන්සිලයට අගමැතිවරයා කැඳවලත් නැහැ. හරි නම් මේ රටේ සියලු දේශපාලකයින්ට එරෙහිව පැමිණිල්ලක් දාන්න. එකඑක පක්ෂවල පදයට නටන එක නවත්වන්න.
අනේ මේ අයට බෑනේ. ජනපතිට එරෙහිව දාන්න. අගමැති නෙවෙයි පැහැර හැරියේ ජනපති. ඊටත් රටෙත් නෑ
එතකොට ආරක්ෂක ඇමති. ආ එයාට විරුද්දව පැමිණිලි කරන්නෙ කොහොමද අරයව අගමැති කරපු එකේ.
රටේ ආරක්ෂාව භාර අගමැතිටද?
කැකිල්ලේ නිකායේ පිරිසක්. අන් අය වැරදිය. පෙදරේරුවා නිවැරදිය.
අනේ සාදු..., මේ අගමැති ආරක්ෂක මණ්ඩලයේ හිටියෙවත් නොමැත. එහෙනම් ඔය පණිවිඩේ දෙන්න ඕනේ ජනාධිපතිට නේද? සැතපිලා ඉඳලා ඇහැරුනේ කවදද? මේ වැඩ නොකර වෙසක් මංගල්ලය වෙනුවෙන් වැඩ කරන්න...
මේ මොන නිකායේද?
ජනාධිපති නිවැරදියි නේද?
හාමුදුරුවෝ මේ වෙලාවේ දේශපාලනය නොකර හිටියා නම් හොඳ නැද්ද? පුළුවන් නම් 225ටම විරුද්දව දාන්න
මේවා විහිළු ජනතාව නොමග යවන සංදර්ශන යක් විතරයි ...ඔය චෝදනාව ජනාධිපතිට එල්ල කළා නම් බහුතර බුද්ධිමත් ජනයා තීන්දුවකට ඒවි
ඔබ වහන්සේලා පන්සලට වෙලා දෙන දානයක් වලදල බණක් කියාගෙන හිටියනම් මුළු රටටම සාමය උදාවෙයි.
රටේ ආරක්ශක ඇමති කවුද කියලා කවුරුත් කියලා දුන්නේ නැද්ද
අත්අඩංගුවට ගෙන විතරක් මදි ......
එතකොට හාමුදුරුවනේ ජනාධිපති ඉන්නේ පොල් ගාන්නද?
පාට කන්නාඩි දාගෙන හුදෙක් මාධ්‍ය ආවරණයට කරන නාඩගම්...
මේවට කොහෙන් හිනාවෙන්නද කියල හිතාගන්න බැහැ. මේ රටට වෙලා තියෙන්නෙ ඕක තමා. ජනපති ඔක්තෝබර් මාසෙ මහින්ද අගමැති කල නිසා ආරක්ෂක ඇමති වගේම පොලිසිය භාර ඇමති ලෙස ඔහුට විරුද්ද වෙන්න මේ අයට බැහැ. සිංහලය මේ විදිහට සංඝයා වහාන්සෙත් පිල බෙදිලා පොදු සතුරා අමතක කරලා වැඩ. අන්තවාදී ශක්තිමත් වෙන එක තමා වෙන්නෙ.
පළමුව පැමිණිලිකරු අත්අඩංගුවට පත් විය හැක. ජනාධිපති වෙනුවට අගමැති ලෙස සදහන් කිරීම නිසා...
මෙන්න විපක්ෂයට කඩේ යන සංඝරත්නේ ඇයි මේ අයට බැරි ජනපතිට එරෙහිව දාන්න. අගමැති නෙවෙයි... පැහැර හැරියේ ජනපති... රටේ ආරක්ෂක ඇමති පොලිස් ඇමති කවුද? කාටද බලය තියෙන්නේ රටට ආරක්ෂාව සපයන්න කියලවත් දන්නේ නැති අය සිටීම නිසා තමයි අපේ රටට කෙලවිලා තියෙන්නේ ...
පැමිණිල්ල දාන්න රට ගිනිගත් වෙලාවේ වීණා ගහන්න චීනෙට පැන්න නීරෝටයි, අගමැතිටයි දෙන්නටම. හාමුදුරුවෝ මෙතන පක්ෂපාත බවයි පෙනෙන්නේ... ඇයි මොකෝ කවුරුහරි කොස් ඇට ටිකක් වත් බාලා දෙන්න කිව්වද?
ජාතික සංඝ සම්මේලනය.. මේක ජාතික තව්හිද් ජමාද් එකට සමාන එකක්ද? අනේ මහින්ද මහතා මේ පාරත් අනාගන්න වගේ හඬන්නේ..
දැන් දැන් හැමෝටම පිස්සු වගෙයි.
හාමුදුරුවනේ, වෛරයෙන් ක්‍රියා කරන්න එපා. අගමැති පත්කළේ බහුතරයක් වන ගිහි සමාජයයි. ඔවුන්ට එය බාර කර පන්සලට වී ඉන්න. රජය මොන පියවර ගත්තත් ඔබ එයට අඩුපාඩු කියනවා. ආරක්ෂාව නැත කියමින් රට වටේ ගොසින් මාධ්‍ය සාකච්ඡා කරනවා. මුස්ලිම් නායකත්වයට පහරදෙනවා සහ ඔවුන් සමග එක්ව සුහදව මෙය විසඳන්න බලන්න. බුදුන්ගේ ධර්මයට අනුව...
සමාවෙන්න.. ස්වාමීන් වහන්ස, 21 ප්‍රහාරයෙන් බරපතලම හානිය සිදුවූ කතෝලික ප්‍රජාව හැසිරෙන ආකාරයෙන්ම මේ වෙලාවේ බෞද්ධ ප්‍රජාව වගකීමෙන් යුතුව හැසිරීම ඉතා වැදගත්. ඔබ වහන්සේලා මේ අවස්ථාවේ කාගෙවත් දේශපාලන අතකොලු වෙන්න එපා. ආණ්ඩුවේ වරදක් තියෙනවා නම් එයට කටයුතු කරන එක ජනතාවට භාරකරලා ජනතාවට සත්‍ය වටහාගැනීමට අවස්ථාව තියලා ශාසනික පිරිහීම වළකාලීමට අවශ්‍ය කටයුතු කරනවා නම් මැනවි. මේ කරන්නේ වෙනවෙන න්‍යාය පත් සමාජයට ඉස්මතු කරලා රටේ ඇත්ත ප්‍රශ්න යටගහන්න කටයුතු කිරීම... කතෝලික ආගමික නායකයන් කොහෙද එක එක දේශපාලන කණ්ඩායම් අනුව බෙදිලා දේශපාලන නායකයන් තම වුවමනාව වෙනුවෙන් ලබාදෙන න්‍යාය පත් උස්සාගෙන තැන තැන යන්නේ. බෞද්ධ අපි ඒ අතින් අවාසනාවන්ත පිරිසක්.. අපේ සමහර භික්ෂූන් වහන්සේලා කරන්නේම ශාසනික සේවා වෙනුවට දේශපාලන කණ්ඩායම් වල වුවමනාකම් ඉටුකිරීම... රටට විනාශය වෙලා තියෙන්නේ එය... ඇත්තටම 21 සිදුවූ විනාශය වළකාලීමට නොහැකි වීම ගැන රජයේ ප්‍රධානින් හා ආරක්ෂක සේවා බලධාරීන්ට පැවැරුණු සාමූහික වගකීමක්... එක පුද්ගලයකු ඉලක්ක කර එල්ලකිරීම අන්තගාමී නේද? බුදුහිමිගේ දර්ශනයට පටහැනියි නේද?
රටේ සේනාධිනායකයා කවුද කියලවත් දන්නේ නැහැ.
කැබිනට් එක දිවුරුම් දුන් ගැසට් එක බලන්න. අගමැතිවරයාට කිසිලෙසකින් ආරක්ෂක කටයුතු අයිති නැත. එ් නිසා තමයි මෙතරම් විනාශයක් වෙද්දීත් අගමැතිවරයා කතාකළාම ත්‍රිවිධ හමුදාවේ නායකයන් නොගියේ. ඉහළින් නියෝග නිසා වුවමනාවෙන්... රටට හෙන ගැහුණත්.. අගමැතිවරයා නිහතමානීව ආරක්ෂක අමාත්‍යංශයට ගියා... වෙනදා පොලිසිය භාර වුනේ වෙනම ඇමැතිවරයකුට... අද එ්කත් භාරව ඉන්නේ ජනාධිපති.. මේ උසාවි යන හාමුදුරුවරුන් දන්නේ නැද්ද මේ ටිකවත්?
මෙහෙමද ජාතික ආපදාවයකදී වැඩකරන්නේ? බෞද්ධ අපිටම ලැජ්ජයි.. මෙහෙම ඇත්තෝ ශාසනයට ඇතුල්වීම ගැන...
මේ ඔක්කොම ප්‍රතිචාර ගිහියන්ගේ...
සියලුම ආරක්ෂක අංශවල සේනාධිනායකයා හා නිතිය හා සාමය සම්බන්ධයෙන් වගකියන්නන්.....? අන්ද ගොළු බිහිරි අය වගේ හැසිරෙන්න එපා
අපේ විශිෂ්ඨ අගමැතිතුමා...............